මුස්ලීම් විරෝධී ප්‍රහාර මෙහෙයවූ නාත්තන්ඩියේ පොහොට්ටු මන්ත්‍රී රටින් පැනලා !

මුස්ලීම් විරෝධී ප්‍රහාර මෙහෙයවූ නාත්තන්ඩියේ පොහොට්ටු මන්ත්‍රී රටින් පැනලා !

පාස්කු ප්‍රහාරයෙන් සති තුනක් ගෙවීයාමට ආසන්නයේ දියත් කළ මුස්ලිම් සාමාන්‍ය ජනතාව ඉලක්ක කළ ප්‍රහාරයන්ට සැක පිට අත් අඩංගුවට ගැනීමට අවශ්‍ය සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයෙකු රටින් පලාගොස් ඇති බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම මන්ත්‍රීවරයා නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාව නියෝජනය කරන අතර ප්‍රහාරයෙන් දින කිහිපයකට පසුව මන්ත්‍රීවරයා රටින් පිටව ගොස් ඇත්තේ ප්‍රදේශීය සභාවට නිවාඩු ලිපියක් ද ඉදිරිපත් කරමින් බවත් වාර්තා වෙයි.

නමින් ඔහු උපුල් හේරත් වන අතර පලාගොස් ඇත්තේ යුරෝපීය රටකට බව විමර්ශනවලින් හෙළි වූ බව මේ සම්බන්ධව විමර්ශන සිදුකරන කොස්වත්ත පොලීසිය සදහන් කර තිබේ.

එසේම ඔහුගේ ඥාතීන් රැසක් යුරෝපයේ ජිවත් වන බවත් පොලිසිය අනාවරණය කරගෙන ඇත.

මේ අතර පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරන්නේ මන්ත්‍රීවරයා පෙරළා මෙරටට පැමිණෙන විට ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න