මහසොහොන් ලොක්කා යළිත් රිමාන්ඩ් !

මහසොහොන් ලොක්කා යළිත් රිමාන්ඩ් !

මහජන සාමය කඩකරමින් ජාතිවාදී කෝලාහලයක් සදහා කටයුතු කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගනුලැබූ මහසොහොන් බලකායේ නායක අමිත් වීරසිංහ හෙට (29) තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ශලනි පෙරේරා අද (28) නියෝග කර ඇත.

සිද්ධියට අදාලව සැකකරුට එරෙහිව සිදු කරන පරීක්ෂණ සම්බන්ධයෙන් සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් හෙට දින ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත‍්‍රාත්වරිය කොළඹ දකුණ දූෂණ මර්ධන කොට්ඨාශයට නියෝගකර ඇති බවත් වාර්තා වෙයි.

ආගමික සහජීවනයට බාධා වන ආකාරයේ අදහස් සැකකරු විසින් අන්තර් ජාලයට මුදා හැර ඇති බවට පොලිසිය චෝදනා කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න