ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස යකඩ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සඳහා වරාය අධිකාරිය සතු ත්‍රිකුණාමල වරායෙ ඉඩම් කොටසක් ලබා දෙන ලෙස අමාත්‍ය මලික් සමරවික්‍රම විසින් කර ඇති ඉල්ලීමක් වරාය අමාත්‍ය සාගල රත්නායක අද (28) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රතික්ෂේප කරනු ලැබූ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
එහිදී මලික් සමරවික්‍රම හා සාගල රත්නායක යන ඇමැතිවරුන් දෙදෙනා අතර උණුසුම් වාදයක්ද ඇති වූ බවත් එම ආරංචි මාර්ග සදහන් කරයි.
දෙදෙනා අතර වචන හුවමාරු සිද්දවෙද්දි ‘‘අරලිය ගහ මන්දිරයේ කචල් එකක්‘‘ යනුවෙන් ජනාධිපතිවරයා පවසා ඇතැයි ද වාර්තා වේ.
යකඩ කර්මාන්ත ශාලාවක් ත්‍රිකුණාමලය වරාය ආශ්‍රීතව ආරම්භ කිරීම සඳහා මලික් සමරවික්‍රම ඇමැතිවරයා ඉඩම් කොටසක් ඉල්ලා ඇති අතර එය ලබා දිය නොහැකි බව සාගල රත්නායක ඇමැතිවරයා ප්‍රකාශ කර ඇති බව දැනගන්නට තිබේ.
මේ අවස්ථාවේ ආයෝජන අඩු බැවින් එම ඉඩම ලබාදෙන්නැයි සජිත් ප්‍රේමදාස හා මංගල සමරවීර යන ඇමැතිවරුන්ද ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.
කෙසේ වුවද සාගල රත්නායක ඇමැතිවරයාගේ විරෝධය හේතුවෙන් කැබිනට් සංදේශය අනුමත නොවූ බවද එම ආරංචි මාර්ග පවසයි.

