සිරිසේන ජනාධිපති කරන්න වෙහෙසුණු පාර්ශව තමන්ට ශාප කරගනියි !

සිරිසේන ජනාධිපති කරන්න වෙහෙසුණු පාර්ශව තමන්ට ශාප කරගනියි !

මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති පදවියට පත් කිරීමට දායක වීමේ වරදටත් රනිල් වික‍්‍රමසිංහ මහතා නීතිගරුක පුරවැසියන්ගේ යහපාලන බලාපොරොත්තු බිඳ දැමීමේ වරදටත් අපට සාප වේවා යැයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සම කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසුරිය ඊයේ(29) පැවසීය.

ඔහු මේ බව පැවසූයේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවති මාදුළුවාවේ සෝභිත හිමිගේ 77 වන ජන්ම දින උත්සවයට සහභාගී වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා මෙසේද පැවසීය.

‘‘මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස තෝරාගැනීමට අපට හේතු ලෙස චන්ද්‍රිකා හිටපු ජනාධිපතිනිය අපට පෙන්වා දුන්නේ ඔහු දූෂිතයෙක් නොවීමත්, ජාතිවාදියෙක් නොවීමත්, අත්දැකීම් ඇති අවංක පුද්ගලයෙක් වීමත් යන කරුණුය. එහෙත් ඒ සියල්ල සාවද්‍ය බව අද රටම දන්නවා‘‘

ගුවන් යානා පුරෝගෙන මහජන මුදල් නාස්ති කරමින් රටසවාරි යන බවට අප මහින්ද රාජපක්ෂ මහතාට චෝදනා කළා. එහෙත් අද වනවිට මෛත‍්‍රීපාල සිරිසේන මහතා හැම වැඩකින්ම මහින්ද රාජපක්ෂව පරදවා ඇති බව ඔප්පුකර හමාරයි.

මහින්ද රාජපක්ෂ අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කළ නිසා ව්‍යවස්ථා සභාවක අවශ්‍යතාවය මතුවුණා. සිරිසේන මහතා තමන්ට අවශ්‍ය ලෙස විනිසුරුවන් පත්කරගැනීමට නොහැකි වූ නිසා ව්‍යවස්ථා සභාව අවජාතක දරුවෙක් ලෙස ගර්භාවට ලක් කළා.

මේ සෑම දේකින්ම පෙන්නුම් කළේ විධායක බලයෙන් මිනිහෙකු උමතු කරන අන්දම නොවේද? ජනතාව එක් පුද්ගලයෙකු ගැන විශ්වාසය තබා බලයට ගෙනාවත් ඔහු බලයට පත්වු පසු කල්පනා කරන්නේ තමන්ගේ දරුවන්ට හා පරම්පරාවට ධනවත් වීමට මාර්ග සකස් කිරීමයි. දරුවන්ට ප‍්‍රභූ ආරක්ෂාව සැපයීම කෙබඳු විහිලුවක්ද? පියා ජනාධිපති වීමෙන් දරුවන් අසාමාන්‍ය ධනවතුන් බවට පත්විය හැකිද? මෙයට අප තිත තැබිය යුතුයි.

“සිරිසේන මහතා ජනාධිපති බවට පත්කිරීමට දායක වීම අප කළ වරදක් නම් ඒ වෙනුවෙන් අපට සාප වේවා. ඒ වගේම රනිල් වික‍්‍රමසිංහ මහතා නීතිගරුක පුරවැසියන්ගේ යහපාලන බලාපොරොත්තු බිඳ දැමීමේ වරදටත් අපට සාප වේවා.“

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න