රුපියල ශක්තිමත් වෙලා : මහ බැංකුව පවසයි !

රුපියල ශක්තිමත් වෙලා : මහ බැංකුව පවසයි !

2019 වසරේ මේ දක්වා වූ කාලය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ‍්‍රී ලංකා රුපියල 3.8% කින් ශක්තිමත් වී ඇතැයි ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඉකුත් වසර අගභාගයේදී ශ‍්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව වේගයෙන් අවප‍්‍රමාණය විය.

මෙම වසරේ මුල් කාර්තුවේ ද වරින් වර ශ‍්‍රී ලංකා රුපියල එලෙස අවප‍්‍රමාණය වුණත් සමස්තයක් ලෙස රුපියල දැන් ශක්තිමත් වී ඇති බව ශ‍්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයෙන් පසුවද අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ‍්‍රී ලංකා රුපියල කෙටි කාලීනව අවප‍්‍රමාණය වූ නමුත් එම පසුබෑමද මේ වනවිට ආවරණය වී ඇති බව ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඊයේ (29) ගනුදෙනු නිමා වනවිට අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 174.16ක් වු අතර විකුණුම් මිල වූයේ රුපියල් 178. 11ක් ලෙස සටහන්ව තිබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න