කුවේට් යන ශ්‍රමිකයින්ගේ ආරක්ෂාවට රක්ෂණ ක්‍රමයක්

කුවේට් යන ශ්‍රමිකයින්ගේ ආරක්ෂාවට රක්ෂණ ක්‍රමයක්

කුවේට් රාජ්‍යයේ ගෘහස්ථ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින් සඳහා රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇත. එම නවතම රක්ෂණ ක‍්‍රමය රළඹෙන 3 වන දින සිට ක‍්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම රක්ෂණාවරණය විදේශ රැකියා ඒජන්සියක් මගින් හෝ ස්වයං මාර්ගයෙන් කුවේට්හි ගෘහාශ්‍රිත රැකියා සඳහා යන ශ්‍රමිකයින් සදහා අනිවාර්ය වන්නකි.

සේවකයා බදවාගනු ලබන එරට හාම්පුතා විසින් Gulf Insurance and Reinsurance (GIRI) රක්ෂණ සමාගමෙන් මෙම රක්ෂණාවරණය ලබාගත යුතුය.

මෙමඟින් කුවේට් රටේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයාට සිදුවන පුද්ගල අනතුරු, අසනීප තත්ත්වයන්, නැවත හරවා එවීම් හා මරණය වැනි අවස්ථාවලදී රක්ෂණ ප්‍රතිලාභ හිමි වේ.

 ශ්‍රමිකයින් රැකියාව සඳහා යාමට පෙර කුවේට් තානාපති කාර්යාලයේදී රැකියා ගිවිසුම අත්සන් කරන විට මෙම රක්ෂණය තිබීම අනිවාර්ය වන අතර විදේශ රැකියාවට පෙර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීමේදී රැකියා ගිවිසුම සමඟ මෙම රක්ෂණ ඔප්පුව ඉදිරිපත් කිරීමද අනිවාර්ය වේ.

මෙම රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක වන්නේ සියළුම විදේශ ගතවන්නන් දැනට ක්‍රියාත්මක “සහන” රක්ෂණාවරණයට අමතරවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න