මම මොකුත් දන්නෙ නෑ : සිරිසේනගේ මාධ්‍ය නිවේදනය මෙන්න !

මම මොකුත් දන්නෙ නෑ : සිරිසේනගේ මාධ්‍ය නිවේදනය මෙන්න !

පාස්කු ප්‍රහාරය සම්බන්ධව තමන් කිසිවක් දැන නොසිටි බව සදහන් කරමින් ජනාධිපති සිරිසේන නිවේදනයක් නිකුත් කර ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය මේ නිවේදනය නිකුත්කර ඇති අතර එහි මෙසේ සදහන් වෙයි.

අප්‍රේල් 21 වන දා ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳව පරීක්ෂා කර බලා වාර්තා කිරීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් පත් කළ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ජාතික බුද්ධි ප්‍රධානියා කළ ප්‍රකාශයක් මාධ්‍ය ඔස්සේ පළ වී තිබේ.

එකී මාධ්‍ය වාර්තා මඟින් කියැවෙන්නේ 2019 පෙබරවාරි මාසයෙන් පසුව ජාතික ආරක්ෂක මණ්ඩලය රැස් නොවූ බවයි.

ගෙවී ගිය වසරකට වැඩි කාලයක් ජාතික ආරක්ෂක මණ්ඩලය තුළ සිදු කෙරුණු සාකච්ඡා නිල නොවන ලෙස මාධ්‍ය මඟින් පළවීමට පටන් ගැනීම හේතුවෙන් ජාතික ආරක්ෂක මණ්ඩලයට වඩා වෙනස් ව්‍යුහයකින් යුක්ත වූ ජාතික ආරක්ෂක කමිටුව පිහිටුවන්නට කටයුතු කෙරිණි.

එම ජාතික ආරක්ෂක කමිටුව පසුගිය කාලය තුළ සති දෙකකට වරක් අඛණ්ඩව රැස් වී තිබූ අතර, ඇතැම් අවස්ථාවල ගරු ජනාධිපතිතුමා විසින් සතියකට වරක් ද එම රැස්වීම කැඳවීමට කටයුතු කළේය.

එමෙන් ම 2019 අප්‍රේල් 08 වෙනි දා පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ මාසික රැස්වීම ද ගරු ජනාධිපතිතුමා විසින් කැඳවා තිබිණි.

පැය දෙකකට අධික කාලයක් පැවති එම සාකච්ඡාවේ දී හෝ මෙවැනි ත්‍රස්ත සැලැස්මක් පිළිබඳව තොරතුරු ලැබී ඇති බවට කිසිදු නිලධාරියකු ජනාධිපතිතුමා දැනුවත් කර නොමැත.

එමෙන් ම අප්‍රේල් 21 සිදුවීම සිදුවිය හැකි බවට විදේශ මිත්‍ර රටකින් ලබා දී තිබූ කිසිදු තොරතුරක් පිළිබඳව ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා හෝ වෙනත් නිලධාරියකු විසින් ගරු ජනාධිපතිතුමා දැනුවත් කිරීමට පියවර ගෙන නොතිබිණි.

එබැවින් මෙම සිදුවීම පිළිබඳ ගරු ජනාධිපතිතුමා දැනුවත් කර තිබූ බවට පළ වන දේශීය හා විදේශීය මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව ජනාධිපතිතුමා දන්වා සිටී.

– ජනාධිපති මාධ්‍ය ඒකකය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න