සිදු කෙරෙන සියළු පරීක්ෂණවලට සහය වී නිදොස් ද සදොස් ද යන්න ඔප්පු කරන්න. ආරක්ෂක අංශ මගින් සිදු කරන ආරක්ෂක පරීක්ෂණ පාර්ලිමේන්තුවට සිදු කළ නොහැකි බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ ජාතික හෙළ උරුමය කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,
අද පාර්ලිමේන්තුව ඉදිරියේ විශ්වාසභංග දෙකක් ගෙනවිත් තිබෙනවා. එකක් රිෂාඞ් බදුර්දීන් ඇමතිතුමාට එරෙහිව. අනෙත් එක ජනතා විමුක්ති පෙරමුණ විසින් සමස්ථ රජයටම විරුද්ධව. අපේ ස්ථාවරය මේ රජයට එරෙහිව තිබෙන විශ්වාස භංගය අපි කලින්ම විවාදයට අරගෙන ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ මත විමසීම සිද්ධ කළ යුතුයි කියලා. එය තමයි අපේ මූලික අදහස. ඊ ළඟට රිෂාඞ් බදුර්දීන් ඇමතිතුමා සම්බන්ධයෙන් එතුමාගේ මේ ත‍්‍රස්තවාදී කි‍්‍රයාවලියට තිබෙන සම්බන්ධය පිළිබඳව යම් යම් කරුණු ගණනාවක් දක්වලා තිබෙනවා. කරුණු 10 ක්. ඒ විශ්වාසභංගයේ කවුරුත් දන්නවා. ඒවා ඇත්තටම ගතහොත් බොහෝ දුරට අපරාධ වරදවල්. එක පැත්තකින් අත් අඩංගුවට ගත් අය වැලැක්වූවයි කියලා චෝදනාවක් තිබෙනවා. අනෙක් පැත්තෙන් ත‍්‍රස්තවාදයට අරමුදල් සම්පාදනය හා අනෙකුත් කාරණාවලට එතුමා සහය දුන් බවට චෝදනා එල්ලවෙලා තිබෙනවා.
සාධාරණ පරීක්ෂණයක් සදහා ඉඩදෙන්න !
මේවා මේ පාර්ලිමේන්තුවේ වාද විවාද වලින් විමසන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒවා අනිවාර්යයෙන්ම මේ රටේ පොලීසිය, ඒ වගේම රාජ්‍ය බුද්ධි අංශ විසින් විධිමත්ව පරීක්ෂණය කරලා ඒ අනුව ඒ උසාවිවල ක‍්‍රියාකළ යුතු ප‍්‍රශ්න. ඒවා දේශපාලන වශයෙන් හඬ නගන්න පුළුවන් දේවල් නෙමෙයි මොකද අතිශය බරපතල අපරාධ චෝදනා තමයි එතුමාට නගලා තිබෙන්නේ. ඒ අනුව අපි විශ්වාස කරනවා එකම ප‍්‍රශ්නය මෙතන තිබෙන එතුමා ඇමතිධූරයේ සිටින කොට, රජයේ ඉන්න කොට මෙවැනි පරීක්ෂණයක් සාධාරණව කරන්න ඉඩකඩ ලැබෙයිද, ඔහු ඔහුගේ රාජ්‍ය බලය පාවිච්චි කරයිද? ඔහුගේ දේශපාලන බලය සාධාරණ පරීක්‍ෂණයකට එරෙහිව යොදා ගනියිද? කියන චෝදනාව. මෙයට කලිනුත් මේ වගේම ප‍්‍රශ්න පැන නැගුණා. එතුමා තමන්ගේ අමාත්‍යධූරයෙන් ඉවත් වෙලා මේ පරීක්‍ෂණය අපේ පොලීසියට පවරලා එතුමාට එරෙහිව තිබෙන ඒ චෝදනා 10 සම්බන්ධයෙන් කඩිනම් විමර්ෂණයක් කරලා ඒ විමර්ෂණයට අනුව ආණ්ඩුවත්, ඒ වගේම අපේ නීතිය හා සාමය පිළිබඳ අංශත් කි‍්‍රයා කරනවා. ඔහු නිෂ්චිතවම වරදක් කරලා තිබුණයි කියල ඒ විමර්ෂණයේදී පෙනී ගියහොත් ඒ අනුව කි‍්‍රයා කරන්න පුළුවන්. ඔහු වරදක් කරලා නැත්නම් ඒ අනුව කි‍්‍රයා කරන්න පුළුවන්. ඒ නිසා මෙහිදී රටේ විශාල අනාරක්‍ෂිත භාවයකුත් ඇතිවෙලා තිබෙනවා. ඒ වගේම ආවේගශීලි අවස්ථාවනුත් ඇතිවෙලා තිබෙනවා. ගැටුම්කාරී තත්වයන් දිනපතා ඇතිකරන්න ඇතැම් පුද්ගලයින් උත්සාහ කරනවා. ඒ නිසා ඒ තත්වය තුළ අපි හිතනවා සුදුසුම විසඳුම තමයි එය.
ආරක්ෂක අංශ වෙත පහසුවක් !
ඒ අනුව රිෂාඞ් බදුර්දීන් ඇමතිතුමාට එරෙහිව තිබෙන මේ විශ්වාසභංගය අවස්ථාවේ එහි තිබෙන චෝදනා වෙන කවුරුත් නෙමෙයි රටේ කෙලින්ම නීතිය හා සාමය රකින අංශ විසින් නිසි පරීක්‍ෂණයකට ලක් කරන්න ඕනේ. ඒ පරීක්ෂණයට පහසුකම් සැපයීම සඳහා එතුමා සිය ධූරයෙන් ඉවත්විය යුතුයි කියන එක තමයි අපේ අදහස. ඒ වගේම එම පරීක්ෂණය අවුරුදු ගණන් ඇදී යන්න පුළුවන් එකක් නෙමෙයි. හැකි ඉතාම කෙටි කලකින් එම පරීක්ෂණය නිම කරලා ඔහු සදොස්ද, නිදොස්ද කියන එහි වාර්තාව රටට, ඒ වගේම පාර්ලිම්න්තුවට ඉදිරිපත් විය යුතුයි. ආරක්‍ෂක අමාත්‍යාංශය ඇතුළුව. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ විසින් රජයට විරුද්ධව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව, කතානායකතුමා ඇතුළු පක්ෂ නායකයින් සාකච්ඡා කරලා වහාම විවාදයට අරගෙන ඡන්ද විමසීමක් කරලා එම ප‍්‍රශ්නය කෙළවරක් කර ගන්න ඕනේ කියන එක තමයි අපගේ යෝජනාව. එල්ල වී තිබෙන මේ විශ්වාසභංග දෙක සම්බන්ධයෙන් අපගේ පක්ෂයේ ස්ථාවරය එයයි.

