සජිත් නිසා එජාපයේ ගැටුම් !

සජිත් නිසා එජාපයේ ගැටුම් !

එළැඹෙන ජනාධිපතිවරණයට එජාපයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කිරීම සදහා මලික් සමරවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් යම් උත්සාහයක් දියත් වෙමින් ඇති නිසා එජාප අභ්‍යන්තරයේ උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ.

මේ අනුව පසුගිය සතියේ මුල මලික් සමරවික්‍රම සහ සජිත් ප්‍රේමදාස මහතුන් අතර හමුවක් පැවතී ඇත.

එම හමුවට හේතුව වී ඇත්තේ ජනාධිපතිවරණයක් අබියසදී එජාපය සාමාන්‍යයෙන් කරනු ලබන ජනමත විමසුමේ ප්‍රතිඵල නිකුත් වීමය.

එම ප්‍රතිඵලයට අනූව පක්ෂයේ සිටින ජනප්‍රියම නායකයා ලෙස සජිත් ප්‍රේමදාස නම් වී ඇත. ඒ අනූව එජාපයට ජයග්‍රහණය කිරීමට නම් සජිත් ප්‍රේමදාස ට අපේක්ෂකත්වය ලබාදිය යුතු යැයි යන මතයට මලික් සමරවික්‍රම ඇතුළු පක්ෂයේ ජේෂ්ඨයන් කිහිපදෙනකු පැමිණ ඇතැයි වාර්තා වේ.

මෙම අලුත් තත්ත්වය නිසා සාගල රත්නායක ආදී රනිල් හිතවාදීන් නොසන්සුන් වී ඇතැයිද එම තත්ත්වය පුපුරා යමින් පසුගිය 28 වැනිදා පැවති කැබිනට් රැස්වීමේදී ත්‍රිකුණාමලයේ වරාය සතු ඉඩමක් වානේ කම්හලක් ඉදිකිරීම සදහා නිදහස් කරගැනීමට මලික් සමරවික්‍රම මහතා ඉදිරිපත් කර තිබූ යෝජනාවකට අමාත්‍ය සාගල රත්නායක දැඩි විරෝධයක් දක්වා ඇති බවද වාර්තා වේ.

මෙම අලුත් තත්ත්වය සමග අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් මුණගැසීමට තීරණය කර ඇත. ඒ අනුව එහි පළමු හමුව ලෙස සිඩ්නි ජයරත්න , සන්දිත් සමරසිංහ , හෙක්ටර් අප්පුහාමි, ආදී පසුපෙළ මන්ත්‍රීවරුන් 15 දෙනෙකු පමණ පසුගිය 29 වැනිදා අරලියගහ මන්දිරයේ දී මුණගැසී ඇත. මීට අමතරව පසුගිය 25 වැනිදා සිවිල් සංවිධාන නායකයන් සමග ද අරලියගහ මන්දිරයේ දී අගමැතිවරයා සාකච්ඡාවක් පවත්වා ඇත.

(අනිද්දා )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න