විශේෂ තේරීම් කාරක සභාවේ කටයුතු : සජීවී විකාශය නැවැත්වීමට දෙන්නේ නෑ - කිරිඇල්ල

විශේෂ තේරීම් කාරක සභාවේ කටයුතු : සජීවී විකාශය නැවැත්වීමට දෙන්නේ නෑ - කිරිඇල්ල

පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව සජීවී ලෙස විකාශනය කිරීමට කිසිවකුට නැවැත්විය නොහැකි බව සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

පාර්ලිමේන්තුව ගත් මෙම තීරණයට සමහරුන් අභියෝග කිරීම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීමක් බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් මීළඟ පාර්ලිමේන්තුවේදී තමන් වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් කතානායක වරයාට පැමිණිලි කරන බව ද ඔහු අවධාරණය කර සිටියි.

මෙම සජීවී විකාශය කිරීමේ තීරණය ගත්තේ පාර්ලිමේන්තුවෙන් බවත් උත්තරීතර පාර්ලිමේන්තුව ගත් තීරණය කිසිවෙකුට වෙනස් කිරීමට නොහැකි බවත් ඒ තීරණයට කිසිවකු බලපෑම් කරන්නේ නම් එය පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීමක් බවත් ඇමති කිරිඇල්ල සඳහන් කළේය.

සජීවී විකාශය නැවැත්වූයේ ජනාධිපති !

පාස්කු ප්‍රහාරය සම්බන්ධව සොයාබලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට පත්කර තිබෙන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ කටයුතු පසුගියදා ආරම්භ කළ අතර ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ක්‍රියාත්මක වන පියෝ ටීවී හරහා එහි සජීවී විකාශයක් සිදුකෙරිණ.

නමුත් ජනාධිපති සිරිසේන කතානායක කරූ ජයසූරිය වෙත දුරකථන ඇමතුමක් ලබාදී සජීවී විකාශය නවතා තිබේ.

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න