නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා හා බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි සිය ධුරවලින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.
ඔවුන්ගේ ඉල්ලා අස්වීමට අදාළ ලිපි ජනපති සිරිසේන භාරගත් බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
මේ සම්බන්ධව තහවුරු කෙරෙන ට්වීටර් පණිවිඩයක් ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත්කර ඇත.
මේ සම්බන්ධව ලැබෙන දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ ආණ්ඩුකාරවරුන්ගේ ඉල්ලා අස්වීම ජනාධිපති සිරිසේනගේ ඉදිරි දේශපාලන ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට අත්‍යවශ්‍ය බවට සිරිසේන ජනාධිපතිගේ පාර්ශවයෙන් දැක්වූ දැඩි බලපෑම හමුවේ මේ ඉල්ලා අස්වීම සිදුව ඇති බවය.
දැන් මේ පදනම් කරගෙන රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා ද ඉල්ලා අස්වීමට සලස්වමින් බලපෑම් කිරීම ජනාධිපති සිරිසේන පාර්ශවයේ උපක්‍රමය බවත් එම ආරංචි මාර්ග සදහන් කරයි.
රතන නැගිටියි !
එසේම මාරාන්තික උපවාසයක නිරතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි එම උපවාසය මිට සුළු මොහොතකට පෙර අතහැරිය බව වාර්තා වෙය.
පුරා දින 4ක් පුරාවට උන්වහන්සේ මහනුවර දළදා මාලිගාව අභියස පැවැත්වුයේ ය.
ඒ හිස්බුල්ලා හා අසාද් සාලි ආණ්ඩුකාරවරු එම ධූර වලින් ඉල්ලා අස්වන ලෙස බල කරමින් සහ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා ධූරයෙන් ඉවත් කරන ලෙස සදහන් කරමින්ය.
ඒ අනුව හිස්බුල්ලා හා අසාද් සාලි ආණ්ඩුකාරවරු අද (03) දහවල් වන විට සිය ධූර වලින් ඉල්ලා අස්වු අතර ජනාධිපතිවරයාට බාර දුන් එම ඉල්ලා අස්වීම් නිල වශයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න විසින් සැල කිරීමෙන් අනතුරුව රතන හිමි විසින් මෙම උපවාසය අතහරින ලදී.
උපවාසය අතහැරීමෙන් අනතරුව මාධ්‍ය වෙත ඉතා කෙටියෙන් අදහස් දැක්වු රතන හිමියන් දළදා මාලිගා භුමියෙන් පිටව ගොස් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවිය.

