ලංකාවේ තත්ත්වය නොසන්සුන් : මෝදිගේ ලංකා සංචාරය අවිනිශ්චිතයි !

ලංකාවේ තත්ත්වය නොසන්සුන් : මෝදිගේ ලංකා සංචාරය අවිනිශ්චිතයි !

සිංහල - මුස්ලීම් ප්‍රජාව අතර ජාතිවාදී නොසන්සුන්තාවක් ඇති වීමේ දේශපාලන පසුබිමක් නිර්මාණය වෙමින් පැවතීම හේතුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ මෙරට සංචාරයේ අවිනිශ්චිත තත්ත්වයක් මතුව ඇති බව තානාපති අංශ ආරංචි මාර්ග සදහන් කරයි.

එම ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට මෝදි අග්‍රාමාත්‍යවරයාගේ මහ මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව සිදුවන පළමු නිල සංචාරය සදහා ලංකාව තෝරාගෙන ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව නැගී සිටින ලංකාවට ධෛර්යයක් එක්කිරීමේ අපේක්ෂාව ඇතිවය.

එසේම ජාත්‍යන්තර ඉස්ලාම් අන්තවාදය හමුවේ ලංකාව තනිවී නැති බවත් කළාපයේ බලවතා ලෙස ඉන්දීය සහය ලංකාවට ලබාදීමේ පණිවිඩය ජාත්‍යන්තරයට යැවීම සදහා ය.

එසේම ලංකාවේ සංචාරය කිරීමට තරම් ආරක්ෂක වාතාවරණයක් ඇති බවට සහතිකයක් ලෝකයට සැපයීම වෙනුවෙන් ය.

රතනගේ මාරාන්තික නාඩගම !

61875978 10217063342208617 5482576077475807232 n

එහෙත් පාස්කු ප්‍රහාරයෙන් එකහමාරක පමණ කාලයකට පසුව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයේ නිරත මුස්ලීම් දේශපාලනඥයන් වෙත තර්ජනය කරමින් භික්ෂූන් පිරිසක් ප්‍රකෝපකාරී ලෙස හැසිරෙමින් තිබීම හේතුවෙන් ලංකාවේ සංචාරය සම්බන්ධව නැවත සිතා බැලිය යුතු බවට මෝදි අග්‍රාමාත්‍යවරයාගේ උපදේශකයන් අවධාරණය කර ඇති බවත් වාර්තා වෙයි.

එසේම මෙය භික්ෂු සමාජයේ හුදෙකලා මැදිහත්වීමක් නොව ජාතික දේශපාලනය සමග ගැටගැසුනු වියවුල් රැසක් පැවතීම කෙරෙහිද ඉන්දීය අවධානය යොමුව ඇත.

ඒ අනුව බොහෝ දුරට මෝදි අග්‍රාමාත්‍යවරයාගේ ලංකා සංචාරය අවිනිශ්චිත තත්ත්වයක් මතුව තිබෙන බවත් සංචාරය ගැන අවසන් තීරණයක් ගැනීම ඉදිරි දින කිහිපය තුළ මෙරට තත්ත්වය අනුව තීන්දු කෙරෙනු ඇති බවත් තානාපති අංශ ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න