රතනට සනීපයි : සියලු මුස්ලීම් ඇමතිවරුන් ඉල්ලා අස්වෙයි !

රතනට සනීපයි : සියලු මුස්ලීම් ඇමතිවරුන් ඉල්ලා අස්වෙයි !

ආණ්ඩුව තුල සිටින සියළුම කැබිනට්, රාජ්‍ය, නියෝජ්‍ය මුස්ලිම් ඇමතිවරුන් එම ධුරයන්ගෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

ඒ අනුව අමාත්‍යධූර දැරූ රිෂාඞ් බදියුදීන්, රවුෆ් හකීම්, කබීර් හෂීම් යන මහත්වරුන් ඇතුළු සියලූ මුස්ලිම් නියෝජිතයින් එම ධූරයන්ගෙන් ඉවත්ව තිබේ.

මේ බව නිවේදනය වූයේ අරලියගහ මන්දිරයේ අද (03) සවස පැවැත්වෙන මාධ්‍ය හමුවක් අවස්ථාවේය.

එහිදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රවුෆ් හකීම් අවධාරණය කර සිටියේ රට තුළ ජාතීන් අතර පවතින සමගිය ආරක්‍ෂා කරගැනීම සදහා තමන් මෙම තීරණය ගත් බවත් ඇමති ධූරයන්ගෙන් ඉවත් වුවද ආණ්ඩුවෙන් ඉවත් නොවන බවත්ය.

ත‍්‍රස්ත ක‍්‍රියාවන්ට සම්බන්ධ කවුරුන් හෝ තමන් අතර සිටී නම් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හරහා පරීක්‍ෂණ කර පියවර ගත යුතු බව ද රවුෆ් හකීම් අමාත්‍යවරයා කීවේය.

තමන් සියළු දෙනා මේ සාමූහික තීන්දුව ගන්නා ලද්දේ අගමැතිවරයා හා ඇමති මණ්ඩලය සමඟ පැවති සාකච්ඡාවකින් පසු බවත් ඔහු සදහන් කලේය.

මේ වන විට වාර්තා වන ආකාරයට ඉල්ලා අස්වන ඇමතිවරුන් පිරිස මෙසේය.

රවුෆ් හකීම් – නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය

කබීර් හෂීම් – මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය

 රිසාඩ් බදියුදීන් – කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය

 අබ්දුල් හලීම් – තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය

ෆයිසාල් කාසිම් – සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය

 සෙය්යිඩ් අලී සාහීර් මවුලානා – සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය

 එච්. එම්. එම්. හරීස් – පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය

 අමීර් අලි සිහාබ්දින් – කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය

 අබ්දුල්ලාහ් මහ්රූෆ් – වරාය හා න‍වික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න