මුස්ලීම් ප්‍රජාවම අනතුරේ : හිස්බුල්ලාගේ ඉල්ලා අස්වීම බරපතලයි !

මුස්ලීම් ප්‍රජාවම අනතුරේ : හිස්බුල්ලාගේ ඉල්ලා අස්වීම බරපතලයි !

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා ගේ ඉල්ලා අස්වීම සිදුව ඇත්තේ දැඩි තර්ජනය කිරීම් හමුවේ බව විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

ඊයේ (02) රාත්‍රිය වන විටත් නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා සිටියේ ජනාධිපති සිරිසේන ඉවත් කළොත් මිස ඉල්ලා අස්වන ස්ථාවරයක නොවන බවත් එම ආරංචි මාර්ග පවසයි.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා අද ඉල්ලා අස්වීමට තීරණය කර ඇත්තේ පෙරවරුවේ ලැබුණු තර්ජනාත්මක දුරකථන ඇමතුමකින් පසුවය.

ඒ සම්බන්ධව දැඩි කළකිරීමකට පත්ව ඇති ඔහු සිය ඉල්ලා අස්වීම පවා නිකුත්කර ඇත්තේ ජනාධිපති සිරිසේන වෙතද චෝදනා එල්ල වන ආකාරයට අදහස් පෙළගස්වමින්ය.

හිස්බුල්ලාගේ ලිපිය !

"තම ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වන හෝ ධූරයෙන් ඉවත් නොකරන තත්ත්වයක් තුළ තම ප්‍රජාවගේ ආරක්ෂාව සඳහා කිසිදු සහතිකයක් ලබා දිය නොහැකි අවධානම් සහගත දේශපාලන වටපිටාව තුළ තවදුරටත් මෙම ධූරයේ රැඳී නොසිට වහාම ඉල්ලා අස්වීමට තීරණය කළ " බව හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා සිය ඉල්ලා අස්වීමට අදාල ලිපියේ සදහන් කර ඇත.

ආණ්ඩුකාර හිස්බුල්ලාගේ ඉල්ලා අස්වීමේ ලිපිය පහත දැක්වේ.

FB IMG 1559565127153

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න