ශ‍්‍රී ලංකාවේ පසුගිය අපේ‍්‍රල් 21 දින සිදුවූ සිද්ධි මාලාවද ඉන් පසු රටේ ඇති වී ඇති තත්ත්වයන් පිළිබඳව ග‍්‍රාමීය තරුණ කොටස්වල මූලිකත්වයෙන් ග‍්‍රාමීය ප‍්‍රජාවන් සමග කටයුතු කරන්නා වූ තරුණ සංවිධානයන් එකමුතුවක් එකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එහිදී නීතීඥ ජයන්ත දෙහිඅත්ත, රවින්ද්‍ර ද සිල්වා ඇතුළු තරුණ තරුණියන් පිරිසක් අදහස් දැක්වූහ.
එම මාධ්‍ය හමුවේ දී ඔවුන් ඉල්ලිම් කිහිපයක් රැගත් නිවේදනයක් නිකුත් කළ අතර එම නිවේදනය පහතින්,
ශ‍්‍රී ලංකාවේ පසුගිය අපේ‍්‍රල් 21 දින සිදුවූ සිද්ධි මාලාවද ඉන් පසු රටේ ඇති වී ඇති තත්ත්වයන් පිළිබඳව ග‍්‍රාමීය තරුණ කොටස් වල මූලිකත්වයෙන් ග‍්‍රාමීය ප‍්‍රජාවන් සමග කටයුතු කරන්නා වූ තරුණ සංවිධානයන් ලෙස අපගේ දැඩි අවධානය යොමු කිරිමට කැමැත්තෙමු. මෙම සිද්ධින් තුළින් අනාගත පරම්පරාවන්ට නිදහස් හා සාමකාමී සමාජයක හිමිකම අභියෝගයට ලක් වී ඇති බව අපගේ වැටහීමයි. එමෙන්ම මෙකී තත්ත්වය යහපත් වෙනසක් කරා ගෙන ඒමට තරුණ අප හට වගකීමක් ඇතැයි යන්න සිහිතබා ගනිමින් රටේ දේශපාලන ආගමික සහ සිවිල් සමාජ නායකත්වයන් වෙත පහත ඉල්ලීම් ඉදිරිපත් කිරිමට කැමැත්තෙමු.
2019 අපේ‍්‍රල් 21 දින සිදුව ූ බෝම්බ ප‍්‍රහාරයන් සහ ත‍්‍රස්ථවාදි ක ්‍රියාවන් අප තරයේ හෙළා දකින්නෙමු. මෙම භියකරු ව්‍යසනය තුළ ජීවිත අහිමී වූ අනතුරට පත් ව ූ සහ භිතියට පත් ව ූ අපගේ මව්පියවරුන්ට සහ සහෝදර සහෝදරියන්ට සිදුවු අගතිය අප සිත් තුළින් අමතක කළ නොහැක.
ඔවුන්ගේ ජීවිත යථා තත්ත්වයට පත් කර ගැනීමට අවශ්‍ය සමාජ පසුබිම නිර්මාණය කිරීමටත් සාමාන්‍ය දිවි පෙවෙතක් කරා ඔවුන් රැුගෙන යාමට මුළු මහත් ශ‍්‍රී ලාංකික ප‍්‍රජාවක් ලෙස අපට වගකීමක් ඇත්තෙමු. විශේෂයෙන් වත්මන් ආණ්ඩුව මෙම ව්‍යසනයට මුහුනදුන් පවුල් නඟා සිටුවීමට පුළුල් අවධානයක් යොමු කරනු ඇතැයි විශ්වාස කරන්නෙමු.
2015 වසරේ සියළු ජන ප‍්‍රජාවන් සිය නිදහස් හා සාමකාමී සමාජයක් සඳහා වූ සහ යුක්තිගරුක සමාජයක් සඳහා වූ අපේක්‍ෂාවන් වත්මන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව හමුවේ තබන ලදී.
අවාසනාවකට මෙන් 2015 ජනවාරි 8 වනදායින් පසු දිනෙන් දින උග‍්‍රවන බල ලෝභී දේශපාලන අරගලයන් තුළ රටේ සියළු ප‍්‍රජාවන් අපේක්‍ෂා භංගත්වයකට පත්වූ අතර ආගමික ව්‍යාපාරික සහ සිවිල් සමාජය ද දේශපාලන බල අරගලයෙහි පාර්ශව කරුවන් බවට පත් වී ඇත. අපගේ බොහෝ ආගමික නායකයින් විවිධ වූ දේශපාලන අරමුණු වල කොටස්කරුවන් වී ඇති අයුරු දැක අප කණගාටුවට පත්ව සිටින්නෙමු. වත්මන් දේශපාලන අධිකාරින්ගෙන් ඉල්ලා සිටින්නේ කිසිඳු ආගමික මතවාදයක් හෝ ගෞරවනීය ආගමික නායකත්වයක් දේශපාලන ව්‍යාපෘතීන් වලට හවුල් නොකරගන්නා ලෙසය. එමෙන්ම කිසිඳු දේශපාලන පක්‍ෂයක බල අපේක්‍ෂාවන් වෙනුවෙන් පෙනී නෙසිටින ලෙස ගෞරවනීය ආගමික නායකත්වයෙන් අප ඉල්ලා සිටින්නෙමු.
මෙවන් ත‍්‍රස්තවාදයක් රටේ ඇති වීමට හේතු කාරණා මොනවාදැයි විමසා බැලිමටත් එකී හේතු කාරණා සඳහා දීර්ඝ කාලීන හා කෙටිකාලීන විසඳුම් සෙවීමේ අවශ්‍යතාවය අප අවධාරණය කර සිටින්නෙමු. එවන් ක්‍රියාවලියකදී දිගු කාලීනව ආගමික කණ්ඩායම් ඉලක්කකොට ගෙන සිදුවන හා සිදුවිය හැකි හිංසනකාරි ප‍්‍රචණ්ඩත්වයන් පිළිබඳව පක්‍ෂග‍්‍රාහි සහ දේශපාලන මැදිහත්වීම් වලින් තොර විමර්ශන ක්‍රිරියාවලියක් තුළ වරදකරුවන්ට දඩුවම් කිරීමත් යුක්තිය ඉෂ්ට කිරිමේ අවශ්‍යතාවයටත් රජය මුලිකත්වයක් දිය යුතු වන්නේය. එහිදි පුද්ගලයින්ගේ තරාතිරම නොසලකා කටයුතු කරන ලෙසද නිතීමය ක්‍රියාවලීන්ට ගරු කරන ලෙසද අප දේශපාලන අධිකාරියෙන් ඉල්ලා සිටින්නෙමු.
ත්‍රස්තවාදය මැඩ පැවැත්වීමේදී ත‍්‍රස්තවාදීන් නිර්මාණය නොකිරීමට රජය වග බලා ගනු ඇතැයි අප විශ්වාස කරන අතරම ප‍්‍රචණ්ඩත්වය මුදාහරින්නන් හට දේශපාලන රැකවරණ ලබා දීම අප තරයේ හෙළා දකින්නෙමු.
මෙම කුරිරු ප‍්‍රහාරයන්ගෙන් පසු සමහරක් දේශපාලන කණ්ඩයම් ඉතා පටු දේශපාලන අරමුණු සහිතව ජනතාව කුපිත කිරිමෙහි යෙදීමත් මුස්ලිම් ප‍්‍රජාව ඉලක්ක කොට ගෙන ප‍්‍රචණ්ඩත්වය මුදා හැරිමත් අප තරයේ හෙළා දකින්නෙමු. එමෙන්ම රටේ පවතින දේශපාලන වටපිටාව හමුවේ සහ ජනාධිපතිවරණ උණුසුම හමුවේ සිදුවෙමින් පවත්නා දේශපාලඥයින්ගේ ක්‍රියාකාරිත්වයත් අප දැඩිව හෙළා දකින අතර මෙම අවස්ථාවෙහි දේශාපාලන මතවාද අතහැර එක්සත්ව කටයුතු කරන ලෙස අප සියළු දේශපාලන පක්‍ෂ හා නායකයින්ගෙන් ආයාචනා කොට සිටින්නෙමු.
පවතින සමාජ වටපිටාව හමුවේ මුස්ලිම් ප‍්‍රජාවට එරෙහිව හිංසනකාරි හෝ වෙනස්කොට සැලකීම් වලට යොමු නොවන ලෙස අනෙක ුත් සියළු ප‍්‍රජාවන්ගෙන් අප ඉල්ලා සිටින අතර ත‍්‍රස්තවාදය පරාජය කිරිම සඳහා මුස්ලිම් ප‍්‍රජාව සමග අත්වැල් බැඳගන්නටද අපේක්‍ෂා කරන්නෙමු. විශේෂයෙන් තරුණ කොටස් ලෙස අප සහෝදර සහෝදරියන් හා එක්ව ප‍්‍රචණ්ඩවයට එරෙහිව අවිහිංසාවාදීව ගත හැකි ක්‍රියාමාර්ගයන් ගත යුතු වන්නෙමු.
සිවිල් සමාජ නායකත්වය රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරිම උදෙසා ගාමීය‍්‍ර ප‍්‍රජාවන් එකස්ත්ව ඉදිරියට ගෙන ඒමට නායකත්වය සපයනු ඇතැයි අප විශ්වාස කරන අතරම රටේ ජනතාව තුළ අධ්‍යාත්මික වෙනසක් සඳහා ආගමික නායකත්වයේ ගෞරවනිය සහභාගිත්වයක් අප අපේක්‍ෂා කරන්නෙමු.
රටේ ව්‍යාපාරික ප‍්‍රජාව තුළ ඉතා තරඟකාරි වටපිටාවක් නිර්මාණය වී ඇති බව නොරහසකි. මෙකී තරඟකාරි ව්‍යාපාරික ක්‍ෂේත‍්‍රය තුළින් සිය දේශපාලන දිවිය තහවුරු කරගන්නෝද බොහෝ වෙති.
එහෙත් පසුගිය කාල වකවානුව තුළ ප‍්‍රජාවකට අයත් ව්‍යාපාර ප‍්‍රවර්ධනය කිරිම හෝ අඩපන කිරිම උදෙසා ආගමික මතවාදයන් මුල්කොටගෙන ව්‍යාපාරික ප‍්‍රජාව තුළින් ක්‍රියාත්මක වූ ප‍්‍රචාරණ ව්‍යාපාරයන් බොහෝය. මෙකී ප‍්‍රචාරණ ව්‍යාපාරයන් රටේ ආගමික නොසන්සුන්තාවයක් අති කළ අවස්ථාද අපමණය. ආගමික කණ්ඩයම් අතර සහයෝගතාවයටී හානි කරනු ලබන මෙවන් කටයුතු වලට තිත තැබිය යුතු වන්නෙමු. ඒ සඳහා රටේ ව්‍යාපාරික ප‍්‍රජාවන් තුළ අවබෝධය හා විශ්වාසය වර්ධනය කිරීමේ කටයුත්තට ව්‍යාපාරික ප‍්‍රජාව පියවරක් ඉදිරියට තබනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු.
රටේ සිදුවූ මෙම සිද්ධි මාලාවන් වලදී මාධ්‍ය විසින් කරනු ලැබු සේවය අගය කරන අතරම පටු දේශපාලන අරමුණු ඇති දේශපාලන බල ප‍්‍රවාහයන්ගේ අතකොලූවන් ව ූ සමහරක් මාධ්‍ය වල ප‍්‍රචණ්ඩත්වයට අනුබල දෙන්නා ව ූ ප‍්‍රචාරණ ව්‍යාපාරයන් අප තරයේ හෙළා දකින අතරම මාධ්‍ය ආචාර ධර්ම වලින් යුතු මාධ්‍ය සංස්කෘතියක් තරුණ පරපුරට දායාද කිරිම සඳහා වන වගකීම මාධ්‍ය සහෝදර සහෝදරියන් සතුව ඇතැයි අප විශ්වාස කරන්නෙමු පොලීසිය ත‍්‍රිවිධ හමුදාව ත‍්‍රස්තවාදය මර්ධනය සඳහා ගනු ලබන්නා ව ූ ක ්‍රියාමාර්ගයන් අප අගය කොට සලකන අතරම ශ‍්‍රී ලාංකික පුරවැසියන්ගේ මානව අයිතිවාසිකම් වලට ගරු කරමින් ද සියළු ප‍්‍රජාවන්ට සාමානව සලකමින්ද සිය දුෂ්කර රාජකාරිය වගකීමෙන් ඉටු කරනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු.
- ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා තරුණයෝ

