මහින්ද කිව්වත් මෛත්‍රීට නම් ජනාධිපති අපේක්ෂකත්වය දෙන්නේ නෑ - ප්‍රසන්න

මහින්ද කිව්වත් මෛත්‍රීට නම් ජනාධිපති අපේක්ෂකත්වය දෙන්නේ නෑ - ප්‍රසන්න

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වශයෙන් වර්තමාන ජනාධිපති සිරිසේන ඉදිරිපත් කිරීමට කිසිදු අදහසක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළේය.

වර්තමානයේ රට මුහුණ පා තිබෙන අවාසනාවන්ත තත්ත්වයට මෛත්‍රිපාල සිරිසේන මහතා ද මූලිකව වගකිව යුතු බව පැවසූ රණතුංග මහතා ඔහුට නැවත වරක් ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කිරීමට කිසිදු හැකියාවක් නොමැති බවත් අවධාරණය කළේය.

ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ උඩුගම්පොළ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙනි.

මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

දැන් මේ රටේ ජනතාවට යහපාලන ආණ්ඩුව තිත්ත වෙලා තියෙන්නේ. ඒ ආණ්ඩුවේ කිසිම කෙනකුට නැවත වරක් රටේ පාලන බලය හිමිකර දෙන්න ජනතාව සූදානම් නැහැ. ඒ කාරණය ජනාධිපතිවරයාට වගේම අගමැතිවරයාටත් අදාළයි. නැවත වරක් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න වර්තමාන ජනාධිපතිවරයාට කිසිම අවස්ථාවක් නැහැ.

මෛත්‍රිපාල මහත්තයා ජනාධිපති අපේක්ෂකයා කරන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිම තීන්දුවක් අරගෙන නැහැ. අපේ අපේක්ෂකයා තීන්දු කරන්නේ මහින්ද මහත්මයා විසින් කියන කාරණය අපි පැහැදිලිව කියලා තිබෙනවා. හැබැයි එහෙම කියලා මෛත්‍රිපාල මහත්තයා ජනාධිපති අපේක්ෂකයා කරන්න අපි සූදානම් නැහැ.

මහින්ද මහත්තයා කිව්වත් මෛත්‍රිපාල මහත්තයා ජනාධිපති පුටුවේ නැවත වරක් වාඩි කරවන්න අපි සූදානම් නැහැ. අද රටට උදා වෙලා තියෙන කණගාටුදායක වාතාවරණයට මූලිකව වගකිවයුත්තේ වර්තමාන ජනාධිපතිවරයා බව අපට අමතක කරන්න බැහැ. මේ ඉරණමට රට ඇදලා දැම්මේ මෛත්‍රිපාල ජනාධිපතිවරයයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න