ඕස්ට්‍රේලියා අභ්‍යන්තර කටයුතු ඇමති සහ අගමැති රනිල් අතර හමුවක් !

ඕස්ට්‍රේලියා අභ්‍යන්තර කටයුතු ඇමති සහ අගමැති රනිල් අතර හමුවක් !

ඕස්ට්‍රේලියානු අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය පීටර් ඩට්න් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර හමුවක් ඊයේ (04) අරලියගහ මන්දිරයේදී සිදුව තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රට යළි සාමාන්‍ය තත්වයට පත් කරලීම සඳහාත්, ගෝලීය ත්‍රස්තවාදය මැඬපැවැත්වීම සඳහාත් සිය සම්පූර්ණ සහය ලබා දීමට කටයුතු කරන බව පීටර් ඩට්න් මෙහිදී පැවසු බවත් මිනිස් ජාවාරම්කරුවන් විසින් සිදු කරනු ලබන අනවසර සංක්‍රමණික ව්‍යාපාරය වැළැක්වීම සම්බන්ධයෙන් ද මේ සාකච්ඡාවේදී අදහස් හුවමාරු කර ගැනුණු බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

අග්‍රාමාත්‍යවරයාට ඔස්ට්‍රේලියාවේ සංචාරයක යෙදෙන මෙන් ඔස්ට්‍රේලියානු රජය විසින් කළ ආරාධනය ද මෙහිදී ඉදිරිපත් වූ බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න