අසත්‍ය පුවත් වාරණයට : අලුත් නීති එයි !

අසත්‍ය පුවත් වාරණයට : අලුත් නීති එයි !

ජාතීන් අතර සහජීවනය හා රාජ්‍ය ආරක්ෂාවට බාධා වන ආකාරයෙන් අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකි වන පරිදි දණ්ඩ නීති සංග්‍රහය හා අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව මෙකී චෝදනා සම්බන්ධයෙන් වරදකරුවෙකු වන තැනැත්තෙකුට රුපියල් දශ ලක්ෂයක් දක්වා දඬ මුදලක් නියම කිරිමට හෝ වසර 5කට නොවැඩි සිර දඬුවමක් නියම කිරීමට හෝ එම දඬුවම් දෙකටම යටත්වන පරිදි දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධය කිරිමට නියමිතය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික කමිටුව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය වෙතින් ඉල්ලීමක් කර තිබූ අතර එය වැඩබලන අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ හා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න