ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර තීරණාත්මක සාකච්ඡාවක් ඊයේ (10) රාත්‍රීයේ ජනාධිපති නිල නිවසේදී පැවැත්වීමට ගෙන තිබූ නමුත් එය දින නියමකින් තොරව කල්දමා ඇති බව වාර්තා වෙයි
අද (11) දිනයේ කැබිනට් මණ්ඩල රැස්වීම පවත්වනවාද නැද්ද යන්න පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබූ නමුත් සාකච්ඡාව අත්හිටුවීමත් සමග හෙට දිනයේ කැබිනට් රැස්වීම නොපැවැත්වෙන බවද වැඩිදුරටත් වාර්තා වේ.
මෙහිදී ජනාධිපති සිරිසේන එක්සත් ජාතික පක්ෂයේ කිහිපදෙනකු නම්මවාගෙන පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ කටයුතු අඩපණ කිරීමේ සැළැස්මක් ගැනත් අනාවරණය වෙයි.
කෙසේ වුවත් ඒ ගැන තොරතුරු වාර්තා වීමෙන් පසුව එජාපය අදාල සාකච්ඡාව අත්හැර දමා ඇති බවත් වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
