පාස්කූ ඉරිදා දිනයේ මෙරටට එල්ල කළද බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව අත්හිටුවන තුරු කැබිනට් රැස්වීම නොපැවතීමට ජනාධිපති සිරිසේන දැඩි ස්ථාවරයක සිටින බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
ඒ අනුව අද (11) අඟහරුවාදා දිනයේදී පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුව නොපැවැත්වෙන බව ඉහළ පෙළේ ආරංචි මාර්ග කියා සිටියේය.
අද කැබිනට් රැස්වීම පැවැත්වෙන්නේ නැති බව පසුගිය සිකුරාදා කැබිනට් ඇමතිවරුන්ටද දන්වා ඇති අතර ඒ බව ගිය සිකුරාදා පැවති කැබිනට් රැස්වීම් වාර්තාවේද සඳහන් කර තිබේ.
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා පැවැති කැබිනට් රැස්වීමේ දී ජනාධිපතිවරයා දැඩි විරෝධය පළ කර ඇති අතර තේරීම් කාරක සභාවේ කටයුතු කරන්නෙ මේ ආකාරයට නම් තමන් කැබිනට් රැස්වීම් නතර කරන බවද දන්වා ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
