හිස්බුල්ලාගේ හිස් කතාවට : අගමැතිගේ විරෝධය !

හිස්බුල්ලාගේ හිස් කතාවට : අගමැතිගේ විරෝධය !

ශ්‍රී ලංකාවේ සුළු ජාතියක් වුවත් ගෝලීය වශයෙන් මුස්ලිම්වරුන් මහ ජාතියක් බවත් කාගේත් බලපෑම් වලට මුස්ලිම්වරුන් යටත් නොවන බවටත් නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.ඒ.එල්.එම් හිස්බුල්ලා මහතා කළ ප්‍රකාශය හෙළා දකින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසා ඇත.

සිවිල් සංවිධාන නියෝජිතයන් සමඟ කොළඹ අරලිය ගහ මන්දිරයේදී අද (11) පැවැති විශේෂ හමුවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසීය.

නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා අදාල ප්‍රකාශය නොකළා යැයි මෙතෙක් ප්‍රතික්ෂේප කර නැති බව කී අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලාංකිකයෙක් නම් පවතින තත්ත්වය තේරුම්ගෙන බහුතරය කවුද ? සුලුතරය කවුද? යන්න තේරුම් ගෙන සියලුම දෙනා එක්ව අයිතිවාසිකම් ඇතිකරගත යුතු බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ උපාධිය දෙන ආයතන ආරම්භ කළ හැක්කේ ශ්‍රී ලාංකිකයන්ට පමණක් බව කී අග්‍රාමාත්‍යවරයා එසේ නැතිනම් එම ආයතන රජයට පවරා ගැනීමට සිදුවන බවද අවධාරණය කළේය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න