අලුත්ගමගේ ට නඩු දාන්න : අගවිනිසුරු අවසර දෙයි !

අලුත්ගමගේ ට නඩු දාන්න : අගවිනිසුරු අවසර දෙයි !

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් කෝටි හතරකට අධික මුදලක් වැයකර විදේශීය රටකින් ආනයනය කළ කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේ දේශපාලන කටයුතු අරමුණු කරගෙන ක්‍රීඩා සංගම් අතර බෙදා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහධිකරණය හමුවේ නඩු පැවරීමට අගවිනිසුරු ජයන්ත ජයසූරිය අල්ලස් කොමිසමට අවසර දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ට අමතරව සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දුටද එරෙහිව නඩු පැවරීම සඳහා නීතිපතිවරයා අල්ලස් කොමිසමට අවසර දී ඇත.

අල්ලස් කොමිසම අගවිනිසුරුවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් පනත යටතේ නඩු පැවැරීම සඳහා මෙලෙස අවසර ලබාදී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න