ජනාධිපති එකට එක කරයි : එජාපය යැවූ නම් ප්‍රතික්ෂේප කරලා !

ජනාධිපති එකට එක කරයි : එජාපය යැවූ නම් ප්‍රතික්ෂේප කරලා !

කැබිනට් ඇමැතිධූරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමැතිවරුන්ගේ අමාත්‍යංශවල වැඩ බැලිමට පත්කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය විසින් යවන ලද ඇමැතිවරුන්ගේ නම් ජනාධිපති සිරිසේන  විසින් ප්‍රතික්ෂේප  කර ලැබ ඇතැයි දේශපාලන  ආරංචි මාර්ග කියයි.

එම ආරංචිමාර්ග පෙන්වාදෙන ආකාරයට අග්‍රාමාත්‍යවරයාගේ එකඟතාවකින් තොරව අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් පත්කිරීම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්ද වෙයි.

මුස්ලීම් ඇමතිලා ඉල්ලා අස්වුණා !

රාවුෆ් හකීම්  නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන කැබිනට් ඇමැති ධූරයෙන් ද, කබීර් හෂීම්  මහාමාර්ග මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති ධූරයෙන් ද, රිෂාද් බදියුදීන්  කර්මාන්ත වානිජ දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයින් නැවත පදිංචි කිරිම් සමුපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය ධූරයෙන් ද , අබ්දුල් හලීම් තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු ඇමැති ධූරයෙන් ද ඉකුත් දා ඉල්ලා අස්වුහ.

අගමැති නම් කල අමාත්‍යවරුන් !

ඒ වෙනුවට රාජිත සේනාරත්න, මලික් සමරවික්‍රම හා රංජිත් මද්දුම බණ්ඩාර යන ඇමැතිවරුන් ද එම අමාත්‍යංශවල වැඩබැලීමට පත් කරන්නැයි ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ නම් ජනාධිපතිවරයා වෙත ඉකුත් දා යවා තිබිණි.

එය ප්‍රතික්ෂේප කර ඇති ජනාධිපතිවරයා කර්මාන්ත වානිජ කටයුතු නියෝජ්‍ය ඇමැති බුද්ධික පතිරණ මහතා වැඩබලන, කර්මාන්ත හා වානිජ දිගුකාලින අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරිම සමුපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමැතිවරයා ලෙස ද නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය ඇමැති ලකී ජයවර්ධන මහතා, වැඩබලන නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන ඇමැතිවරයා ලෙස ද ඛනිජතෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමැතිනී අනෝමා ගමගේ මහත්මිය, වැඩබලන මහාමාර්ග මාර්ග සංවර්ධන හා ඛනිජතෙල් සම්පත් සංවර්ධන ඇමැතිවරයා ලෙසද ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබ බව වාර්තා විය.

ඒ අනුව එම තිදෙනා ජනාධිපති නිල නිවසේ දී ජනාධිපතිවරයා ඉදිරියේ පෙරේදා (10) දිවුරුම් දුන්හ.

මේ තතත්වය තුළ ජනාධිපතිවරයාත්, පාර්ලිමේන්තු බහුතරය හිමි එක්සත් ජාතික පෙරමුණ අතර දේශපාලන අර්බුදය තවත් උග්‍රවී ඇතැයි දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න