සංචාරක වීසාවෙන් ඩුබායි රැකියා මැවූ උප ඒජන්ත දැලේ !

සංචාරක වීසාවෙන් ඩුබායි රැකියා මැවූ උප ඒජන්ත දැලේ !

සංචාරක වීසා යොදාගනිමින් නීති විරෝධි අයුරින් ඩුබායි රාජ්‍යයේ පිරිසිදු කරන්නියන් වශයෙන් රැකියා සදහා කාන්තාවන් සිව් දෙනෙකු යැවීමට තැත්කළ උප ඒජන්තවරයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් පසුගිය 11 වනදා දින අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වර්ණකුලසූරිය සුසන්ත ලක්ෂ්මන් නම් මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. ඔහු විසින් සංචාරක වීසා මගින් රැකියා සදහා යොමුකිරීම සදහා හලාවත හා මදුරන්කුලිය ප්‍රදේශවල පදිංචි කාන්තාවන් සිව් දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 2 බැගින් මුදල් ලබාගෙන ඇති අතර, ඔහු විසින්ම කාන්තාවන් ඩුබායි රටට රැගෙන ගොස් රැකියාවලට යොදවන බවද වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 2019.06.12 දින ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර, එහිදී වරද පිළිගෙන අයකරගත් මුදල් නැවත රැකියා අපේක්ෂකයින්ට ලබාදීමට එකග වූ හෙයින් රු.10000ක මුදල් ඇප හා පුද්ගල ඇප 2ක් මත මුදාහැර තිබේ.

මෙම වැටලීම සදහා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නීති) කීර්ති මුතුකුමාරණ හා කළමනාකරු (විශේෂ විමර්ශන) සහකාර පොලිස් අධිකාරී අශෝක ගුණසේකර යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි උප පොලිස් පරික්ෂක අනුරුද්ධ, පොලිස් සැරයන් ජයන්ත කුමාර හා කාර්යාංශ නිළධාරී ජාලිය හෙට්ටිආරච්චි යන නිළධාරීන් එක්වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න