කළණ ගේ ණය ගෙවීමත් : නිළමේ පැහැර හැරලා !

කළණ ගේ ණය ගෙවීමත් : නිළමේ පැහැර හැරලා !

දෙවිනුවර ශ්‍රී විශ්ණු දේවාලයේ ඇත් පංතියට අයත් බව කියන කළණ හස්තියාගේ නේවාසික ප්‍රතිකාර හා ආහාර පාන වෙනුවෙන් රිදීගම සෆාරි උද්‍යානය ට ගෙවිය යුතු රුපියල් දහනව ලක්ෂ අනූඅට දහස් නවසිය හැත්තෑ පහක බිල්පත ගෙවා දැමීම බස්නායක නිලමේ වරයා විසින් පැහැරහැර තිබේ.

විහාර දේවාලගම් පනත යටතේ කළණ ගේ භාරකාරත්වය හිමිව ඇත්තේ දේවාලයේ බස්නායක නිළමේ වරයා සතුව නිසා ඔහුට මෙම බිල්පත ගෙවා දමන ලෙස මීට මාස කිහිපය කට පෙර දැනුම් දී ඇත.

2018 වසරේ අගෝස්තු මාසයේ කළණ ගේ ඉදිරිපස දකුණු පාදය දම්වැලකට කැපී බරපතල ලෙස තුවාල හටගෙන තිබිනි. බස්නායක නිළමේ කේ.එච් නන්දසිරි ගේ නොසැලකිල්ල හා ඇත් ගොව්වාගේ කුරිරු වධබන්දන කළණ ට එකී ඉරණම අත්කරදීමට හේතු වී ඇත.

2018 අගොස්තු මස 25 වැනි දින ජාතිකසත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ පශුවෛද්‍ය වරුන් විසින් කළණ ට ප්‍රතිකාර කිරීම ආරම්භ කෙරිනි.තුවාලයේ ස්වභාවය අනුව කළණ ට නේවාසික ප්‍රතිකාර අවශ්‍ය බව දැනුම් දීමෙන් පසු එවකට වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ගේ මැදිහත් වීමෙන් කළණ 2018.09.02 දින රිදීගම සෆාරි උද්‍යානය වෙත කැදවාගෙන යනු ලැබීය. එතැන්සිට 2019 අප්‍රේල් මාසය දක්වා කළණ ට ප්‍රතිකාර හා ආහාර පාන ලබාදීම වෙනුවෙන් මෙම බිල්පත නිකුත් කර ඇති අතර අදාල මුදල ගෙවා දැමීමට බස්නායක නිළමේ වරයා මේ වනතුරුත් කටයුතු කර නැත .

1989 නොවැම්බර් 05 වැනිදා එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස විසින් කළණ දෙවිනුවර දේවාලයට සන්නස් පත්‍රයක් මගින් බාර කරද්දි කළණ ගේ නඩත්තු කටයුතු වෙනුවෙන් දික්වැල්ල රදම්පල ප්‍රදේශයෙන් පොල් අක්කර විසිපහක බූදලය තෑගි කර තිබේ .කළණ ණයකාරයෙකු වන්නේ එවැනි වත්කමක් ඔහු වෙනුවෙන් දේවාලයට පවරා තිබියදීය.2015 වසරේ සිට 2018 වසර දක්වා කළණ දේවාල භූමියේ එකම ස්ථානය ක යදම් ලා තැබීම නිසා ත් ඔහුට ප්‍රමාණවත් ආහාර ජලය නොලැබීම නිසාත් ඇවිදයාමට හෝ අවස්ථා ක් නොලද නිසාත් කළණ සිටියේ දැඩි පීඩාවකිනි.බස්නායක නිලමේවරයා ගේ හා ඇත් ගොව්වාගේ මෙකි හිංසනයට එරෙහිව 2018 08.27 දින එවකට වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම හා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නිළධාරීන් ගන්දර පොලීසිය ට පැමිණිලි කල අතර අගොස්තු 29 වැනි දින ගන්දර පොලීසිය විසින් කිරිමුදියන්සේලාගේ ධනුෂ්ක ලීල් කුමාර (ඇත් ගොව්වා) හා බස්නායකනිළමෙ ගේ ලේකම් වරයෙකු යැයි කියන කොළඹ ගේ සුනිල් ශාන්ත නැමැතෙකු අත්අඩංගුවට ගෙන මාතර මහෙස්ත්‍රාත් අධිකරණ ට ඉදිරිපත් කලේය.කළණ ගේ භාරකාරත්වය හිමි බස්නායක නිලමේ වෙනුවට වෙනත් අයෙකු අධිකරණය ට ඉදිරිපත් කලේ කෙසේද යන්න ගැටලු සහගතය .කෙසේ වුවද අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය නියෝග කළාය.

කළණ රිදීගම සෆාරි උද්‍යානය ට ඇතුලත් කිරීමෙන් පසුව ඇතින්නියන් සමග සමීපව සිටීම ද කලණට අවස්ථා ලැබුනි.රිදීගම සෆාරි උද්‍යානයේ පශුවෛද්‍ය නන්දන පෙරේරා ඇතුලු කණ්ඩායම මාස තුනක් ඇතුලත කළණගේ සියලු තුවාල සුව කිරීමට සමත් වූ බව අධිකරණ ට දැනුම් දැනුම් දී තිබිනි. ගන්දර පොලීසිය බස්නායක නිළමේ වෙනුවට වෙනත් පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන අධිකරණ ට ඉදිරිපත් කිරීමෙන් හා අධිකරණයට කරුණු දැක්වීම ප්‍රමාද කිරීමෙන් නඩු කටයුතු ව්‍යාකූල වී ඇතැයි දැනගන්නට ඇත. මේ නිසා කළණ ගේ භාරකාරත්වය ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට පැවරෙනු ඇතැයි පැවසේ.

(මාතර කිඹුලා.COM )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න