නීති විරෝධී මත්පැන් මඩින්න විශේෂ වැඩපිළිවෙළක් එයි !

නීති විරෝධී මත්පැන් මඩින්න විශේෂ වැඩපිළිවෙළක් එයි !

බලපත්‍රලාභී සුරා බදු බල ප්‍රදේශ හැර අන් සියලු පෙදෙස් නීති විරෝධී මත්පැන් සහ මත් ද්‍රව්‍ය මුක්ත කලාප බවට පත් කිරීම සඳහා සුරා බදු දෙපාර්තමේන්තුව විශේෂ වැඩපිළිවෙළක් ඇරඹූ බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඊට අනුව ජනාධිපති සිරිසේන විසින් හඳුන්වා දී ඇති ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමීව මෙම සතිය තුළ සහ ඊට ආසන්න කාල සීමාව තුළ මෙම වැඩපිළවෙළ ක්‍රියාත්මක කෙරේ.

මේ යටතේ සිය බල ප්‍රදේශවල විශේෂ වැටලීම් කටයුතු මෙන් ම මුර සංචාර සිදු කරන ලෙස ද සුරා බදු කොමසාරිස් ජනරාල් විසින් එහි නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. මීට අමතරව නීත්‍යනුකූල මත්පැන් බෙදා හැරීමේ හා විකිණීමේ කටයුතු විධිමත්ව සිදුවන බව නිරීක්ෂණය කෙරෙන අතර, බලපත්‍ර කොන්දේසි කඩ කරනු ලබන සුරාබදු බලපත් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් විධිවිධාන යොදා ඇත.

මීට අමතරව සමස්ත දිවයින ම ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය භාවිතයේ අහිතකර බලපෑම් පිළිබඳ දැනුම්වත් කිරීම් පාසල්, දහම් පාසල්, වැඩබිම් සහ ස්වේච්ඡා සංවිධාන ආශ්‍රිතව සිදු කෙරේ.

නීති විරෝධී මත්පැන් සහ මත් ද්‍රව්‍ය තුරන් කිරීම වෙනුවෙන් පැවැත්වෙන් මෙම විශේෂ වැඩපිළිවෙළට මහජන සහය ද අපේක්ෂා කෙරේ. නීති විරෝධී මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු දැනුම් දීම සඳහා දුරකතන අංක දෙකක් ප්‍රකාශයට පත් කර ඇති අතර තොරතුරු දැනුම් දෙන්නන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට සුරා බදු දෙපාර්තමේන්තුව විශේෂයෙන් කටයුතු කරනු ඇත.

011 2 045 077/78 යන දුරකතන අංක ඔස්සේ එම තොරතුරු ලබා දිය හැකි ය.

ජූලි මස 01 දා දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න