සැප්තැම්බරයේ පළාත් සභා ජන්දයක් නෑ : නෛතික බාධාවක් තියනවා - අගමැති කියයි

සැප්තැම්බරයේ පළාත් සභා ජන්දයක් නෑ : නෛතික බාධාවක් තියනවා - අගමැති කියයි

දැනට පවතින නීතිමය තත්වය යටතේ මේ වසරේ සැප්තැම්බර් මාසයේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කිසිදු ඉඩක් නැතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රකාශ කරයි.

මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් පාර්ලිමේන්තු පක්ෂ නායකයින් විසින් පවත්වා නැතැයිද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කර සිටියි.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මෙම කරුණු ප‍්‍රකාශ කළේ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් සහ ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත‍්‍රීවරුන් සමඟ අරලියගහ මන්දිරයේ දී පැවති අදහස් හුවමාරු කර ගැනීමකදීය.

මෙම වසර ඇතුළත පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වන කිසිදු සාකච්ඡාවක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පාර්ලිමේන්තු පක්ෂ නායකයින් සමඟ පවත්වා නැතැයි ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සඳහන් කරයි.

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පියවර ගන්නා බවට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත‍්‍රීවරුන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගෙන් එහිදී කරුණු විමසීය.

දැනට පවතින නීතිමය තත්වය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා නව පනතක් ස්ථිර වශයෙන්ම පාර්ලිමේන්තුවට ගෙන ආ යුතු බව විස්තර කළ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙම වසර ඇතුළත පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් සමග කිසිදු සාකච්ඡාවක් පවත්වා නැතැයිද කියා සිටියේය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ද මේ වසර ඇතුළත පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු යැයි කියා නැතැයිද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ වැඩිදුරටත් කීවේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න