ගාස්තු වැඩි නොකිරීම හොඳයි : මිල සූත්‍රයත් ගේන්න - බස් මගී සංගමය

ගාස්තු වැඩි නොකිරීම හොඳයි : මිල සූත්‍රයත් ගේන්න - බස් මගී සංගමය

බස් ගාස්තු විෂමතා ඉවත් කර, නිවැරදි බස් ගාස්තුවක් සකස් කර ගැනීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලය සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව එක්ව මාර්ග සියයක ගාස්තු ඇතුළත් කර පිරිවැය 12ක් පිළිබඳ සලකා බලා සකස් කිරීමට නියමිත නව බස් ගාස්තු ප්‍රතිපත්තිය කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය ප්‍රවාහන බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය මේ බව සඳහන් කරන අතර ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව අද (01) දින බස් ගාස්තු සංශෝධනයක් සිදුවිය යුතුව තිබුණද, එය අතහැර දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ගෙන ඇති ක්‍රියාමාර්ගය අගය කරන බවත් එහි සඳහන් කර ඇත.

එහෙත් ඔවුන් සිය නිවේදනයේ අවධාරණය කර ඇත්තේ බස් මගීයාට මෙන්ම බස් කර්මාන්තයට ද හානියක් නොවනු පිණිස ඉතාම කඩිනමින් නව බස් ගාස්තු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න