විදෙස්ගත ශ්‍රමිකයන්ගේ සුභසාධනය පුළුල් කිරීමට සාකච්ඡා !

විදෙස්ගත ශ්‍රමිකයන්ගේ සුභසාධනය පුළුල් කිරීමට සාකච්ඡා !

විදේශ රැකියා සදහා යොමුවන ශ්‍රමිකයින් වෙනුවෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලබාදෙන ප්‍රතිලාභ පුළුල් කිරීම සදහා කාර්යාංශය, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව හා මහජන බැංකුව සමග කාර්යාංශයේදී සාකච්ඡා සිදුවෙමින් පවතී.

එහිදී පෙර විගමණික ණය, ස්වයං රැකියා ණය හා නිවාස ණය මුදල් ලබාදීම පිළිබඳව මූලික වශයෙන් සාකච්ඡාට ලක්විය.

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ නියෝජිතයින් සමග දැනට ක්‍රියාත්මක ණය යෝජනා ක්‍රමයේ අඩුපාඩු හා ණය මුදල වැඩි කර ගැනීමත්, ශ්‍රමිකයින්ගේ ආයෝජන අවස්ථා වැඩි කරගැනීමට උපකාර කිරීමත් යන කරුණු පිළිබඳව සාකච්ඡා කරන ලදී.

මහජන බැංකුවේ නියෝජිතයින් සමග දැනට ලබාදෙන රු.50,000 පෙර විගමණික ණය රුපියල් ලක්ෂ 5 දක්වා වැඩිකර ගැනීමටත් නිවාස ණය රුපියල් ලක්ෂ 5 දක්වා වැඩි කර ගැනීමටත් සාකච්ඡා විය.

එසේම අකර්මණ්‍ය වී ඇති ස්වයං රැකියා ණය ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳවත් දෙපාර්ශවය අතර සාකච්ඡාවට ලක්කරන ලදී.

මෙම කරුණු පිළිබඳව බැංකු ආයතන 2ම ධනාත්මක ප්‍රතිචාර දැක්වූ අතර, ඉදිරියේදී වඩාත් පහසු නීතිරීති යටතේ මෙම යෝජනාවන් ක්‍රියාත්මක කිරීමටත් එකඟ වි ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න