පූජිත් හිරේ ගියේ වාර්තාවක් සමඟ !

පූජිත් හිරේ ගියේ වාර්තාවක් සමඟ !

පොලිස්පති ධුරය දරමින් සිටියදී චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු ප්‍රථම පොලිස්පතිවරයා අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර බවට වාර්තාගත වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල ආරංචිමාර්ග තහවුරු කරයි.

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යාව සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පොලිස් ආරංචිමාර්ග අනුව ඔවුන් දෙදෙනා අද (03) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර ඇත.

පොලිස්පති පූජිත් ජයසුන්දර සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඊයේ (02) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අත්අඩංගුවට ගනු ලැබිණ.

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට අදාලව පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු ට ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණි.

එහෙත් අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර ඊයේ උදෑසන හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුලත් කල අතර ඇති වු හදිසි හෘදයාබාධ තත්ත්වයක් ‍හේතුවෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ද කොළඹ ජාතික රෝහලට ඇතුලත්කර තිබුණි.

ඊයේ රාත්‍රියේ නාරාහේන්පිට පොලිස් රෝහල සහ කොළඹ ජාතික රෝහල වෙත පැමිණි මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිට ඉදිරිපත් වූ කරුණු සලකා බලා පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.

මොවුන් දෙදෙනා මේ වන විට බන්ධනාගාර නිළධාරින් භාරයේ තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවත් දැනගන්නට ඇත.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න