දුම්රිය සාමාන්‍යාධිකාරී ඉල්ලා අස්වෙයි : හේතුව මෙන්න !

දුම්රිය සාමාන්‍යාධිකාරී ඉල්ලා අස්වෙයි : හේතුව මෙන්න !

දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු ඊයේ (02) සිය තනතුරින් ඉල්ලා අස්වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

එහෙත් මේ බව තහවුරු කර ගැනීම සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සම්බන්ධ කරගැනීමට උත්සාහ කළත් එය සාර්ථක වූයේ නැත.

කෙසේ වුවත් ලැබී ඇති තොරතුරුවලට අනුව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් එල්.පී. ජයම්පති වෙත ඊයේ (2) බාරදී ඇත.

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මේ ඉල්ලා අස්වීම සඳහා හේතුවී ඇත්තේ රාජකාරි කාලය තුළදී මත්පැන් පානය කිරීම සම්බන්ධයෙන් වැඩ තහනම් කෙරුණ දුම්රිය වෘත්තීය සමිති ලේකම්වරයකු යළි සේවයට ගන්නා ලෙස ප්‍රවාහන අමාත්‍යාංශ බලධාරීන් බලපෑම් කිරීමය.

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සිය අමාත්‍යංශ ලේකම් වෙත යොමුකළ ලිපියේ මේ බව සඳහන් බව වාර්තා වන අතර දුම්රිය දෙපාර්තමේන්තුවේ විනය බලධාරියා වශයෙන් තමන් ගත් තීරණයක් අවලංගු කිරීමට කටයුතු කරන ලෙසට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා බලධාරීන් සඳහන් කරන්නේ නම් තමන් එම ධුරයේ කටයුතු කරමින් පළක් නොවන බවත් එහි අවධාරණය කර ඇතැයි ද වාර්තා වෙයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න