දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට ප්‍රවාහන අමාත්‍යාංශයෙන් සිදුකරන බලපෑම වහාම නවතා දමන ලෙස ඉල්ලමින් අද 03 දා රාත්‍රී 12.00 සිට දුම්රිය වැඩවර්ජනයක් සිදුකිරීමට දුම්රිය වෘත්තීය සමිති සැලසුම් කර ඇත.
අමාත්‍යාංශ බලධාරීන් විසින් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට රාජකාරී කටයුතු සිදුකළ නොහැකි ලෙස බලපෑම් සිදුකරන බව පෙන්වා දෙන දුමිරිය වෘත්තීය සමිති සාමාජිකයන් එම බලපෑම් නතර කරන ලෙස බලකරමින් මෙම වැඩ වර්ජනය සිදු කිරීමට නියමිතය.
විනය කඩ කිරම හේතුවෙන් වැඩ තහනමට ලක් වූ ලේකම් වරයෙකු නැවත සේවයේ පිහිටුවන ලෙස මීට පෙර ප‍්‍රවාහන බලධාරීන් දුම්රිය සාමාන්‍යාධිකාරී වරයාට බලපෑම් කර ඇති අතර ඒ හේතුවෙන් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප‍්‍රනාන්දු මහතා ඉල්ලා අස්වීමටද තීරණය කොට ඇත. කෙසේ වුව වැඩි දුර ආරංචි මාර්ග සදහන් කරන්නේ ඩිලන්ත මහතා තවමත් ඉල්ලා අස්වී නොමැති බවයි.

