අගමැති කාර්‍යාලය මුල් තැන දිනයි : සම්මාන ජනාධිපති අතින් !

අගමැති කාර්‍යාලය මුල් තැන දිනයි : සම්මාන ජනාධිපති අතින් !

රජයේ මුදල් භාවිතයේ දී දක්වන ලද ප‍්‍රශස්තභාවය සැළකිල්ලට ගනිමින් රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් විමර්ශනය කරන ලද රජයේ විශේෂ වැයකිරීම් ඒකකය යටතේ වන ආයතන 838 ක් අතරින් අග‍්‍රාමාත්‍ය කාර්යාලයට මුල් තැන හිමිව තිබේ.

ලකුණු සීයෙන් සීයක් ලබාගෙන අග‍්‍රාමාත්‍ය කාර්යාලය මෙහි ප‍්‍රථම ස්ථානයටත් විගණකාධිපති දෙපාර්තමේන්තුව දෙවන ස්ථානයටත් අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාව තුන්වැනි ස්ථානයටත් පත්ව තිබේ.

රජයේ විශේෂ වියදම් ඒකක වන අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල, පළාත් සභා, පළාත් පාලන ආයතන මෙම ඇගයීමට ලක්ව ඇති අතර ඉන් ආයතන 109 ක් විශේෂ ඇගයීමට භාජනය වී තිබේ.

අමාත්‍යාංශ අතරින් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයත් දෙපාර්තමේන්තු අතරින් මහා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවත් දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල අතරින් ගම්පහ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයත් මෙහි මුල්තැනට පත්ව තිබේ.

මෙම ආයතන සඳහා ජනාධිපති සිරිසේන විසින් ඉදිරි සතියේදී සම්මාන පිරිනැමීමට නියමිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න