ඕෂලගේ පැමිණිල්ල වැඩ කරයි : නාගානන්දගේ නයි ගැන පොලිස් විමර්ශන ඇරඹෙයි !

ඕෂලගේ පැමිණිල්ල වැඩ කරයි : නාගානන්දගේ නයි ගැන පොලිස් විමර්ශන ඇරඹෙයි !

එළැඹෙන ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට නියමිත බව සදහන් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු වංචනික ලෙස මුදල් රැස්කිරීමේ කටයුත්තක නිරත බවට ජනාධිපති සිරිසේනගේ හිටපු කාර්‍ය මණ්ඩල නිලධාරීයකු වන ඕෂල හේරත් පොලිස්පති වෙත සිදුකළ පැමිණිල්ලට අදාල විමර්ශන ආරම්භ කිරීමට පොලිස් මූලස්ථානය දන්වා ඇති බව වාර්තා වෙයි.

මේ බව සදහන් කරමින් ඕෂල හේරත් නිව්ස්ටියුබ් වෙබ් අඩවියට සදහන් කර සිටියේ ජනාධිපති අපේක්ෂකත්වය පිටුපස සැඟවී නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු සිදුකරන වංචාව සම්බන්ධව තමන් සිදුකළ පැමිණිල්ලට අදාල විමර්ශන ආරම්භ කරන එම විමර්ශනය නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතේ සිදුකරන බවත් පොලිස් මූලස්ථානය තමන්ට දන්වා ඇති බවය.

එසේම තම පැමිණිල්ල සිදුකිරිමෙන් පසුව නීතිඥ නාගානන්ද සිය බ්‍රිතාන්‍ය පුරවැසි භාවය ඉවත්කර ගැනීම සම්බන්ධව ෆේස් බුක් ගිනුමේ සටහන් තබා ඇති බවත් තමන් එකී පැමිණිල්ල යුක්තිය අපේක්ෂාවෙන් යුතුව නිවැරැදි පදනමින් සිදුකර ඇති බවට ඒ සාක්ෂි දරන බවත් ඔහු පැවසීය.

ජනාධිපතිවරණය යනු එහෙන් මෙහෙන් පාත්වන සහ අපේක්ෂකත්වය පෙන්වා මිනිසුන් මුලා කර සල්ලි ගරන්න කිහිපදෙනකු සඳහා ලැබෙන ඉල්ලීමක් නොවන බවත් එවැනි කවර පාර්ශවයක් වුවද ඊට එරෙහිව කටයුතු කිරීම පුරවැසි යුතුකමක් බවත් ඔහු පැවසීය.

මේ අතර ශ්‍රී ලංකා - බ්‍රිතාන්‍ය ද්විත්ව පුරවැසියෙකු වන නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු තමන් බ්‍රිතාන්‍ය පුරවැසි භාවය ඉවත්කර ගැනීමට කටයුතු කරන බව දන්වා ෆේස් බුක් ගිණුමේ තැබූ සටහනක් විවේචනය කරමින් ඊට ප්‍රතිචාර දැක්වීමටද  ඕෂල හේරත් කටයුතු කර ඇත.

එම ෆේස් බුක් සටහන පහත දැක්වෙයි.

Screenshot 20190706 163046සබැඳි පුවත්

මූල්‍ය වංචාවක් පිළිබඳ : නීතිඥ නාගානන්දට එරෙහිව පැමිණිල්ලක් !

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න