ජූලි 10 : දයාසිරිට තීරණාත්මකයි !

ජූලි 10 : දයාසිරිට තීරණාත්මකයි !

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන විශේෂ කාරක සභාව හමුවට මීළග දිනයේදී ද නොපැමිණිය හොත්, ඒ සම්බන්ධයෙන් එදින තීරණයක් ගන්නා බව එම කාරක සභාවේ සභාපති, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි පවසයි.

එම කාරක සභාව යළි රැස්වීමට නියමිතව ඇත්තේ ජූලි 10වනදාය.

මීට පෙර අවස්ථාවක පාර්ලිමේන්තු මන්ති‍්‍ර දයාසිරි ජයසේකර කාරක සභාව හමුවට කැඳවා තිබුණ ද, ඔහු කාරක සභාව හමුවේ පෙනී සිටියේ නැත.

මේ සම්බන්ධව අදහස් දක්වමින් තේරීම් කමිටු සභාපති , නියෝජ්‍ය කතානායක ආනන්ද කුමරසිරි සදහන් කර සිටියේ ඕනෑම පුද්ගලයෙකු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවීමේ බලයක් පවතින බවත්, එලෙස කැඳවන අයෙකු නොපැමිණිය හොත් ගත හැකි කි‍්‍රයාමාර්ගයන් ඇති බවත්ය.

මීට පෙර මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසා තිබුණේ තමන් පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට නොයන බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න