තවත් වසර හයක් රටේ පාලන බලය එක්සත් ජාතික පක්ෂය තබා ගන්නා බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.
අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේ මහනුවර පැවති උත්සවයකට එක්වෙමින්ය.
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමට රාජපක්ෂවරු 6 දෙනෙක් එක්ව ඇති බවත් පැවසු ලක්ෂමන් කිරිඇල්ල අමාත්‍යවරයා , නමුත් එක්සත් ජාතික පක්ෂයේ එවැනි ක්‍රියාවලියක් නොමැති බව ද පැවසීය.
කෘතියාධිකාරී මණ්ඩලය මඟින් මුළු ලංකාවම නියෝජනය වන බවත් එය කැඳවා ජයග්‍රහණය කළ හැකි නායකයෙක් පත් කරන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
දිනන්න පුළුවන් කෙනෙක් පත් කරන බවත්, ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පමණක් නොවෙයි උතුරු නැගෙනහිර ඡන්ද ගත යුතු බව ද පැවසීය.
ආණ්ඩුව ලේසියෙන් බාර නොදෙන බවත් තවත් වසර 6ක් ආණ්ඩුවෙන් ඉදිරිපත් කර ඇති සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යන බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

