මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට 2009 වසරේදී මාරාන්තික ප්‍රහාරයක් එල්ල කිරීමේ සිදුවීමට අදාළව යුද හමුදා බුද්ධි නිලධාරී ලලිත් රාජපක්ෂ යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ බුද්ධි නිලධාරියා මෙම සිදුවීම සිදුවූ සමයේ ට්‍රිපෝලි කඳවුරට අනියුක්තව සේවය කර ඇති අතර උපාලි තෙන්නකෝන් මාධ්‍යවේදියා ගමන් ගත් වාහනයේ ඇගිලි සළකුණු සමඟ මෙම නිලධාරියාගේ ඇගිලි සළකුණු ගැලපෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කරගැනීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
ඒ අනුව මෙම සැකකරු අද (08) ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
රාජපක්ෂ රෙජීම පාලන සමයේ සිදුවූ මේ පහරදීම සම්බන්ධව නිසි විමර්ශනයක් එම යුගයේ සිදුවුයේ නැත. මරණින් යන්තම් ගැළවුණු උපාලි තෙන්නකෝන් මාධ්‍යවේදියා අනතුරුව විදෙස්ගතව ජීවිතය බේරාගත් අතර ඊට අදාළ විමර්ශන ආරම්භ වූයේ 2015 ආණ්ඩු පෙරළියෙන් පසුවය.
එහෙත් මේ විමර්ශන සඳහා රාජපක්ෂ හිතවාදීන් දිගින් දිගටම විරෝධය දක්වා සිටියේ යහපාලන ආණ්ඩුව බුද්ධි අංශ අකර්මණ්‍ය කිරීමට කටයුතු කරන බව පවසමින්ය.
සාමාන්‍ය බුද්ධි නිලධාරියකු තවත් කණ්ඩායමක් සමඟ එකතුව මහමග යන මාධ්‍යවේදියකුට නිකරුණේ මාරාන්තික ප්‍රහාරයක් එල්ල කරවීමට කිසිඳු අවශ්‍යතාවයක් නැත. එසේම මේ ට්‍රිපොලි කඳවුර පසුගිය සාමය පුරාවට ප්‍රසිද්ධව තිබුණේ එවකට ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වූ ගෝඨාභය රාජපක්ෂගේ සෘජු නියෝග යටතේ ක්‍රියාත්මක බුද්ධි අංශයක් මෙහි තිබු බවය.

