තවත් දේශපාලන ගේමක් ගැන : අගමැතිගෙන් අනාවරණයක් !

තවත් දේශපාලන ගේමක් ගැන : අගමැතිගෙන් අනාවරණයක් !

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි අංශය විසින් ඉදිපත් කර තිබෙන වාර්තාවේ යම් යම් කොටස් සමහරුන් විසින් ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ දරන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එමගින් සිදු වන්නේ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදවයට අනුබල දීමක් බව පෙන්වා දුන්නේය.

කිසිම වාර්තාවක කොටසක් ප්‍රතික්ෂේප කර, ඉතිරි කොටස් පිළිගැනීම කළ නොහැක්කක් බවත්, දේශපාලන අරමුණු උදෙසා මෙසේ ක්‍රියා කිරීමෙන් සිදු වන්නේ සාක්‍ෂි වල ශක්තිය අඩපණ වීමක් බවත් අගමැතිවරයා පැවසීය.

පසුගියදා කින්නියා මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රේක්ෂකාගාරය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙම වාර්තාව මගින් රිෂාඩ් බදූර්දීන් අමාත්‍යවරයාට එරෙහිව කිසිදු චෝදනාවක් සනාථ වී නැති බවයි.

එසේම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්‍ෂි ලබාදෙමින් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා තමන්ට කිසිදු බලපෑමක් කළේ නැති බව හමුදාපතිවරයා පවසා සිටි බව ද අගමැතිවරයා පෙන්වා දුන්නේය.

එම පොලිස් බුද්ධි අංශ වාර්තාව නීතිපතිවරයා සහ කතානායකවරයා වෙත යවා තිබෙන බවද, ඔවුන් ඒ පිළිබඳව නිසි පියවර ගනු ඇති බවද අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මෙසේ ද කීය.

"පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව පොලිස් බුද්ධි අංශය විසින් කරනු ලැබූ පරීක්‍ෂණයට අනුව වාර්තාව කාදිනල්තුමා මෙරටට පැමිණි ගමන් ලබාදීමට මම උපදෙස් ලබාදී තිබෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවටත්, සභාවේ නියෝජිතයින්ටත් එම වාර්තාව කාදිනල්තුමාට ලබාදීමට මා උපදෙස් දී තිබෙනවා.

එම වාර්තාව කතානායකවරයා විසින් අපට ලබාදුන්නා. එම වාර්තාවෙන් චෝදනා 300 ක් තිබුණා. එම චෝදනාවල බහුතරයක් කිසිදු පදනමකින් තොරව කළ චෝදනා බව සඳහන් වෙනවා. ඉන් සමහර චෝදනා පැමිණි ඉදිරිපත් කිරීමට අදාළ කිසිදු කරුණක් නැති බවත් සඳහන් වෙනවා. ඒ අනුව රිෂාඩ් බදියුදීන් ඇමැතිතුමාට එරෙහිව කිසිදු චෝදනාවක් නොමැති බව කතානායකවරයා දැනුම් දුන්නා.

මේ පිළිබඳවූ නඩුව විභාගයට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් මෙම වාර්තාව සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි බව පවසා තිබෙනවා. එමගින් සිදු වන්නේ සාක්‍ෂි අඩපණ වීමයි. අයි.එස්.අයි.එස්. සැබෑ ත්‍රස්තවාදීන්ට ගැලවී යාමට අවශ්‍ය පසුබිම සකස් කිරීමයි. බුද්ධි අංශ විසින් මාස දෙකක් තිස්සේ සිදු කරන ලද පරීක්‍ෂණ අවතක්සේරු කිරීමයි."

බුද්ධි අංශ පිළිබඳව කිඹුල් කඳුලූ සලන අයගේ සැබෑ ස්වරූපය මේ ක්‍රියාවෙන් හෙළිදරව් වෙන බවද වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අබ්දුල්ලාහ් මහරුෆ්, ඉම්රාන් මහරුෆ්, එම්.එස්. තෞෆීක්, කේ. ධුරෙයි රත්නසිංගම්, සන්දිත් සමරසිංහ, කින්නියා මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති එස්.එම්.එම්. අනීෆා ප්‍රමුඛ දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

kinniya ranil

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න