එජාපයට යන්නේ නෑ : ශ්‍රිලනිපය බාරගන්නම් - වෙල්ගම කියයි !

එජාපයට යන්නේ නෑ : ශ්‍රිලනිපය බාරගන්නම් - වෙල්ගම කියයි !

තමන් කිසිම හේතුවක් මත එක්සත් ජාතික පක්ෂයට එක්නොවන බවත් වමේ පුද්ගලයකු වන තමන් මැරෙන තුරාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළ අතර උග්‍ර පොහොට්ටුවාදීන් තමන් ගැන විවේචනය කළත් තමන් අදහස් දක්වන්නේ රට ගැන සිතා බවත් මන්ත්‍රීවරයා එහිදී පැවසීය.

ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධව මාධ්‍යවේදීන් එහිදී වෙල්ගම මන්ත්‍රීවරයා වෙතින් විමසූ අතර ඊට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ ජනාධිපති අපේක්ෂකත්වය පමණක් නොව සමස්ථ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වුවත් බාරගැනීමට තමන් සූදානම් බවය.

ඒ වෙනුවෙන් වන සුදුසුකම තමන්ට ඇති බව පැවසූ මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ තමන් අවුරුදු 38ක් ශ්‍රිලනිප ආසන සංවිධායකවරයෙකු ලෙසත් වසර 25ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත්
කටයුතු කර ඇති බවත් එසේම මේ වන විට ශ්‍රිලනිප යේ සිටින ජේෂ්ඨයින් වන්නේ තමන් සහ සිරිසේන ජනාධිපති බවත් මන්ත්‍රීවරයා පවසා තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න