රාජපක්ෂ විරෝධීන් සියල්ල එජාප කඳවුරේ !

රාජපක්ෂ විරෝධීන් සියල්ල එජාප කඳවුරේ !

රාජපක්ෂ විරුද්ධ බලවේග සියල්ලක්ම එකතු කරගෙන ඉදිරි ජනාධිපතිවරණයේ ජයග‍්‍රහණය වෙනුවෙන් 2015 ට වඩා පුළුල් සන්ධානයක් ලබන 5 වැනිදා ගොඩනගන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා පැවැසීය.

2015 මහින්ද රාජපක්ෂගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවුණු බොහෝ පිරිසක් මෙම පුළුල් සන්ධානය වටා එක්රැස් වී ඇතැයිද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

කොළඹ අරලියගහ මන්දිරයේ අද (22) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මෙසේද කීය.

‘‘මෙයට වසර පහකට පමණ පෙර රාජපක්ෂවරුන් රටේ විශාල පාලන බලයක් හෙබවූවා. මහින්ද රාජපක්ෂ රටේ ජනාධිපති ලෙස කටයුතු කළා. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් බලයක් ඔවුන්ට තිබුනා. පළාත් සභා බලය, පළාත් පාලන ආයතනවල බලය ආදී අති දැවැන්ත බලයක් සහිතව ඔවුන් මේ රට පාලනය කළා.

ඒ කාලයේ ආණ්ඩුව පෙරලනවා කියලා එක්සත් ජාතික පක්ෂ නායකයින් කිව්වහම ගොඩක් අය හිනා වුණා. ගොඩක් අය හිතුවේ මහින්ද රාජපක්ෂ තුන්වන වතාවටත් ජනාධිපති කරලා බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ ජනාධිපති කරවන්න ඔවුන් සැලසුම් කරලා තිබුණා.

මාදුළුවාවේ සෝභිත හිමි ඇතුළු සිවිල් සංවිධාන, එක්සත් ජාතික පක්ෂය ඇතුළු පුළුල් දේශපාලන පක්ෂ ගණනාවක් එක්ව පුළුල් සන්ධානයකින් කවදාවත් හිතපු නැති විදියට රාජපක්ෂ බලය මේ රටින් අතුගා දාන්න අපිට හැකියාව ලැබුණා.

දැන් මේ අවුරුද්ද අවසානයේ දී යළිත් ජනාධිපතිවරණයක් එනවා. මේ අවුරුද්ද අවසානයේ එන ජනාධිපතිවරණයත් එක්ක අපි මේ රට ඉදිරියට ගෙනයන වැඩපිළිවෙළ තවත් අවුරුදු 5 කින් ඉදිරියට ගෙනයනවා. ඒ සඳහා 2015 ඇතිකරගත් පුළුල් සන්ධානයට වඩා පුළුල් සන්ධානයක් හදන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ සන්ධානය ලබන 5 දා ජනතාවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.

රාජපක්ෂ විරුද්ධ සියලූ බලවේග එකතු කරගෙන ඊළඟ ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කරන ඒ පුළුල් සන්ධානය අපි ගොඩනගනවා. 2015 දී අපිට සහයෝගය ලබා නොදුන් බලවේගත් අපිත් එක්ක එකතු වෙන්න එකඟතාවය පළ කරලා තියෙනවා. අපිත් එක්ක එකතුවෙන්න ඉන්න බලවේග දිහා බලපුවහම තමුන්නාන්සේලා පුදුම වෙයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී පොහොට්ටුවේ අපේක්ෂකයෙක් මේ රටේ ජනාධිපති වෙනවා කියලා කවුරු හරි හිතනවානම් ඒක සිහිනයක් පමණයි කියලා අපි කියනවා’’

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න