පළාත් සභා පස්සට : ජනාධිපතිවරණය මුලින්ම - මැකොස කියයි !

පළාත් සභා පස්සට : ජනාධිපතිවරණය මුලින්ම - මැකොස කියයි !

ජනාධිපතිවරණය පැවැත්වීම කිසිසේත් කල්නොයන අතර එය අනිවාර්යෙන්ම නොවැම්බර් මස 15 ත් දෙසැම්බර් මස 7 වැනි දිනත් අතර කාලයේ දී පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

ඔහු මේ බව සදහන් කර සිටියේ රාජගිරිය, මැතිවරණ කොමිසන් සභා ශ්‍රවණාගාරයේ අද (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

ජනාධිපතිවරයා සිය ධූරකාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධීකරණයෙන් මතය විමසීමක් සිදුනොකරන බව ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවලදී අනාවරණය වූ බවද එහිදී සභාපතිවරයා පැවසීය.

ඒ නිසා ලෝක විනාශය හෝ මුරුගසන්වරුසාව ඇති වුණොත් මිසක වෙනත් කිසිදු හේතුවක් මත ජනාධිපතිවරණය කල් නොයන බවද එහිදී මහින්ද දේශප්‍රිය පැවසීය.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා රුපියල් කෝටි 400ක පමණ වියදමක් දැරීමට සිදුවන බවද ඔහු කීය.

ඉල්ලා අස්වීම ගැන ආයෙත් හිතනවා !

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන්කර සිටියේ ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වුවහොත් සභාපති තනතුරින් ඉල්ලා අස්වන බවට සිදුකළ ප්‍රකාශය ගැන නැවත සිතා බැලීමට සිදුවන බවය.

පවතින තත්ත්වය අනුව පළාත් සභා මැතිවරණය ජනාධිපතිවරණයට පෙර පැවැත්වීමට හැකි වනුයේ අධිකරණ තීන්දුවකින් බවද ඔහු පවසා සිටියේය.

සභාපති තනතුරින් ඉවත් වීමට කටයුතු කළහොත් ජනාධිපතිවරණයට නාමයෝජනා කැඳවීම ක්‍රියාවලියට බාධාවිය හැකි බවට බොහෝ දෙනෙකු පෙන්වා දී තිබෙන බවද ඔහු සඳහන් කළේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න