දප්පුලගේ වැඩ ගැන නිහඬ ඇයි : සිවිල් සංවිධාන ප්‍රශ්න කරයි !

දප්පුලගේ වැඩ ගැන නිහඬ ඇයි : සිවිල් සංවිධාන ප්‍රශ්න කරයි !

ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ මේ වන විට වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර ට ඇප ලබාදීමට කොටුව මහේස්ත්‍රාත් ගනුලැබූ තීරණය විවේචනය කරමින් සහ ඊට එරෙහිව ඉදිරිපත් කළ ප්‍රතිශෝධන ඇප අයදුම්පත මාධ්‍ය නිවේදනයක් හරහා ප්‍රසිද්ධ කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කිරීම සම්බන්ධව සිව්ල් සමාජ ක්‍රියාකාරීන්ගේ විවේචනයට ලක්ව තිබේ.

ඒ සම්බන්ධව නීති ක්ශේත්‍රය නියෝජනය කරන්නන් ද නිසි ප්‍රතිචාරයක් නොදැක්වූ අතර එයද සිවිල් සමාජ ක්‍රියාකාරීන් වෙතින් විවේචනය වෙමින් තිබේ.

ඒ බව සිවිල් සමාජ ක්‍රියාකාරීයකු වන මංජුල ගජනායක විසින් සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබා තිබුණේ මෙසේය.

Screenshot 20190723 171328

එසේම මේ වන විට නීතිපති දප්පුල ලිවේරා මුලුමනින්ම ජනාධිපති සිරිසේනගේ දේශපාලන ව්‍යාපෘතිය වෙනුවෙන් කටයුතු කරන බවටද විවේචන මතුවෙමින් ඇති අතර කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා සාෆි වෛද්‍යවරයා සම්බන්ධ නඩුවේ කටයුතු කරන ආකාරය සම්බන්ධව අධිකරණ සේවා කොමිසම වෙත පැමිණිලි ද ඉදිරිපත්වී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න