ගෝඨා ලංකාවට එයි : ඒත් අපේක්ෂකත්වය දෙලොවක් අතර !

ගෝඨා ලංකාවට එයි : ඒත් අපේක්ෂකත්වය දෙලොවක් අතර !

ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඊයේ (23) මෙරටට පැමිණ ඇත.

සිංගප්පූරුවෙදී සිදු කරන ලද ශල්‍යකර්මයකින් පසු සති හයක පමණ විවේකයෙන් පසු ඔහු මෙසේ පැමිණියේය.

ගෝඨාභය රාජපක්ෂ ට විරුද්ධව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ගොනු කර ඇති මැදමුලක ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සම්බන්ධයෙන් වන නඩුව එළඹෙන සිකුරාදා එනම් 26 වන දින සිට දිනපතා විභාගයට ගැනීමට නියමිතව තිබේ.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මේ වන විට පොහොට්ටු පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටින මන්ත්‍රීවරුන් සදහන් කරන්නේ එලැඹෙන අගෝස්තු 11 වනදා පැවැත්වීමට නියමිත පක්ෂ සමුළුවේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට ඉඩ තිබෙන බවය.

පොහොට්ටු පාර්ශවයේ ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් මේ වන විට නම් 5ක් යෝජනා වී ඇති බවත් එයින් එක් නමක් යෝජනා කිරීමේ බලය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ වෙත පවරා ඇති බවත් ඔවුන් පවසයි.

අපේක්ෂකත්වය දෙලොවක් අතර !

කෙසේ වුවත් මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර විසින් චමල් රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය සදහා සුදුසු බවට තමන් දැරූ ස්ථාවරය වෙනස්ව නොමැති බව සදහන් කරයි.

එසේම බැසිල් රාජපක්ෂ පසුගියදා පැවති පොදුජන පෙරමුණ හමුවකදී 2015 ජනාධිපතිවරණය පරාජය වීමට හේතුව තමන් නොව ගෝඨාභය රාජපක්ෂගේ ක්‍රියාකාරකම් බවට හැඟවෙන ප්‍රකාශයක් නිකුත්කර සිටි අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පසුගියදා මාධ්‍ය වෙත සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධවද දේශපාලන ක්ශේත්‍රයේ අවධානය යොමුව ඇත.

ඒ ජනාධිපති අපේක්ෂකත්වය ගෝඨාභය රාජපක්ෂ වෙත ලබාදෙන බවට තමන් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බවය.

තවද මෙතෙක් ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසි භාවය ඉවත්කර ගැනීම සම්බන්ධව කටයුතු අවසන්ව නොමැති වීම කෙරෙහිද බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව පවතී.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න