ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ තවත් දේශපාලන පක්ෂ කිහිපයක් අද සන්ධාන ගත විය.
විජේරාමේ මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබුණි.
ගිවිසුමට අත්සන් කළ දේශපාලන පක්ෂ වන්නේ හේමකුමාර නානායක්කාර මහතාගේ මව්බිම ජනතා පක්ෂය, එස් . සභාතිරන් මහතාගේ ලංකා කම්කරු එක්සත් පෙරමුණ, විනයාගාමුර්ති මුරලිදරන් මහතාගේ දමිළ එක්සත් නිදහස් පෙරමුණ , මොහොමඩ් අබ්දුල් මජිඩ් මහතාගේ ඊලව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, කමල් නිශ්ශංක මහතාගේ ලිබරල් පක්ෂය, සරත් මනමේන්ද්‍ර මහතාගේ නව සිහල උරුමය පක්ෂය, අනුර ඩී. සොයිසා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය, එක්සත් ලංකා මහා සභාව, මුස්ලිම් උලමා පක්ෂය සහ භූමි පුත්‍ර පක්ෂයයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
