අගෝස්තු 8 හෝ 9 : අගමැති තේරීම් කාරක සභාවේ !

අගෝස්තු 8 හෝ 9 : අගමැති තේරීම් කාරක සභාවේ !

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කැඳවා ඇති අතර අගෝස්තු 07 හෝ 08 වැනිදා එම සාක්ෂි විමසීම සිදුවනු ඇති බව දැනගන්නට තිබේ.

අගෝස්තු 06 වනදා නීතිය හා සාමය හිටපු ඇමතිවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර හා සාගල රත්නායක යන මහත්වරුන් සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන කැඳවා ඇතැයිද වාර්තා වේ.

ජනාධිපති සිරිසේනගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සඳහාද කාරක සභාවේ අවධානය යොමු වී තිබෙන අතර, ඒ සම්බන්ධව ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයිද සඳහන් වෙයි.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ සාක්ෂි ලබාදීම ප්‍රතික්ෂේප කළහොත් ඔහුගේ නිල නිවසට ගොස් සාක්ෂි ලබාගැනීමට කාරක සභාවේ සාමාජිකයන් තීරණයක් ගෙන තිබේ.

ඒ අනුව ලබන මස අවසන් වීමට පෙර විශේෂ කාරක සභාවේ වාර්තාව සකස් කර ගැනීමට හැකිවනු ඇතැයිද කාරක සභාවේ සාමාජිකයෙක් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න