සිරිකොත වැටලීමේ සූදානමක් !

සිරිකොත වැටලීමේ සූදානමක් !

අමාත්‍ය සජිත් ප්‍රේමදාසට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හා ඉදිරි ජනාධිපතිවරණය අපේක්ෂකත්වය ලබා දෙන ලෙස බලපෑම් කරමින් අගෝස්තු මාසයේදි සිරිකොත එජාප මූලස්ථානය ඉදිරියට රට පුරා එජාප පාක්ෂිකයන් කැඳවන බව එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානය පවසයි.

එහි සභාපති දුමින්ද ණ්ඩාරනායක මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.

අද නායක රනිල් වික්‍රමසිංහ මහතා අද කරමින් සිටින්නේ එක්සත් ජාතික පක්ෂයෙන් පලිගැනීමක් බවත් ඔහු සඳහන් කළේය.

කිසිසේත්ම කරු ජයසූරියට එජාපය ජනාධිපති අපේක්ෂකයා විය යුතු නැති බවද පැවසූ ඔහු කරු ජයසූරිය යනු පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ මහතාගේ දෑත් ශක්තිමත් කිරීමට ගිය අයකු බවද පැවසීය.

අද රටපුරා ජනතාව ඉල්ලන්නේ සජිත් ප්‍රේමදාස මහතා බවත් ඔහු නැතිව එජාපයට ජය ගැනීමට නොහැකි බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න