Language Switcher

V2025

කළ යුත්තේ කුමක්ද : මංගල පාර්ලිමේන්තුවේදී පෙන්වයි !

නව ව්‍යවස්ථා, අප‍්‍රමාණ කොමිටි සහ නිමක් නොමැතිව වාද විවාද කොපමණ සිදු කළත් බහුතරවාදය අපගේ දේශපාලනය හා නීතිය තවමත් අරක්ගෙන සිටින නමුත් එම අවධානම තවදුරටත් වැඩි විමට ඉඩදිය නොහැකි බව මුදල් අමාත්‍ය මංගල සමරවීර අවධාරණය කරයි.

ශ‍්‍රී ලංකාව සාමකාමී සහ සමෘද්ධිමත් රටක් බවට පත්කිරීමට ඇති බාධකයේ කේන්ද්‍රස්ථානය වී ඇත්තේ මෙම ජාතික ප‍්‍රශ්නය විසඳීමට අපට නොහැකිවී තිබීම නිසා බවත් සියලූ ශ‍්‍රී ලාංකිකයින් සඳහා වූ සාධාරණ හා සමානාත්මක ශ‍්‍රී ලංකාවක් අප විසින් ගොඩ නගනතුරු මේ රට පෙරසේම අර්බුදවලින් පිරී තවදුරටත් ඒවායේම ඇලීගැලී තිබෙනු ඇති බවත් අමාත්‍යවරයා සදහන් කරයි.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මේ අදහස් දක්වා සිටියේ පසුගිය 25 වනදා පාර්ලිමේන්තුවේ පැවති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ කල්තැබීමේ විවාදය අමතමිනි.

එහිදී අමාත්‍යවරයා සිදුකළ සම්පූර්ණ කතාව පහත දැක්වෙයි.

අර්බුද පිට අර්බුද !

කථානායක තුමනි,

ආණ්ඩුව පෙරලීමේ කුමන්ත‍්‍රණ උත්සාහයෙන් හා පාස්කු ඉරුදින ප‍්‍රහායෙන් පසු අපගේ බොහෝ පුරවැසියන් පිරිසක් ඇසූ ප‍්‍රශ්නය නම් අපේ රට එක් අර්බුදයකින් තවත් එකකට නොකඩවා මුහුණ දෙන්නේ ඇයි ද යන්නයි. ශ‍්‍රී ලංකාවේ ඉතිහාසය ම අර්බුදවලින් සමන්විත එකකි. පසුගිය අවුරුදු හැත්තෑවක් වැනි කාලය තුල දී, අගමැතිවරයෙක්, විධායක ජනාධිපතිවරයෙක්, අසාර්ථක වූ කුමන්ත‍්‍රණයක්, තරුණ කැරලි දෙකක් සහ දීර්ඝ සිවිල් යුද්ධයක කටුක අත්දැකීම්වලට අපි මුහුණ දී ඇත්තෙමු. එකක් දෙකක් හැර මෙකී අර්බුද සියල්ල එකට බැඳ තැබූ පොදු නූල්පට වූයේ ජාතික ප‍්‍රශ්නය යි. එනම් අපගේ සියලූ ජාතීන් එකට එක්වී මිත‍්‍රත්යෙන් ජීවත්වන් නේ කෙසේද සහ සාමුහිකව සිට සමෘද්ධිය අත්පත් කර ගන්නේ කෙසේද යන්න යි. එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක අගමැතිවරයා ඝාතනයට ලක්වූයේ සුළු ජාතීන් සමග මිත‍්‍ර සබඳතා ගොඩනැගීමට කළ උත්සාහය හේතුවෙනි. 1962 කුමන්ත‍්‍රණය හට ගැනීමට ප‍්‍රධාන හේතුව වූයේ ක‍්‍රිස්තියානුවනට වෙනස්කම් සිදුවේය යන භීතිය නිසාවෙනි. අපගේ විද්වතුන් හා බුද්ධිමතුන් නිරීක්ෂණය කරන පරිදි යුද්ධය ඇතිවූයේ සුළු ජාතීන්ට දෙවන පංතියේ පුරවැසියන් ලෙස සලකා කටයුතු කිරීමේ සෘජු ආනිසංසයක් ලෙසිනි.

කළු ජූලියේ පාඩම් ආවර්ජනය කරමු !

 මෙම අවස්ථාවේ දී කළුජූලියේ පාඩම් ආවර්ජනය නොකළොත් මා නිවැරදි නොවේ. ඇත්ත වශයෙන් ම අවුරුදු තිස් හයකට පෙර මේ සතිය වගේ සතියක එනම් ජූලි 24 වනදා සිට ජූලි 30 වන දා දක්වා කාලය තුළ තම නිවෙස්වල දී සහ මහ මඟ දී අපගේම පුරවැසියන් දාස් ගණනක් මරා දැමීම වළක්වාලීමට එවකට රජය අපොහොසත් විය. යම් නොහික්මුණු පිරිසකගේ කැරැල්ලක් හේතුකොට ගෙන ඇතිවූ කළු ජූලිය පූර්ණ සිවිල් යුද්ධයක් බවට පත්වූ බව අප සියලූ දෙනාම දන්නා කාරණය කි. එමෙන්ම අලූත්ගම සහ දිගන ඇතිවූ කෝලාහල නිසා පාස්කු ඉරිදා බෝම්බ සිද්ධිය ඇතිවූයේ යැයි සිතිය නොහැක. ඒ පිළිබඳ පරීක්ෂණ තවමත් කෙරීගෙන යමින් තිබුණද මෙකී කෝලාහල මුස්ලිම් තරුණයන් කීප දෙනෙකු අන්තගාමීන් බවට පත්කිරීමට හේතුවූයේ යැයි සිතීමට හේතුවක් ඇත.

පාර්ලිමේන්තුවේ වැඩියෙන් විවාදය කළ මාතෘකාව !

නිදහසින් පසු මෙම විවාදාත්මක කාරණා සාකච්චා කිරීම සඳහා මෙම ගරු සභාවේ සහ මුළු රටේ කාලය සහ ශ‍්‍රමය වැයකර ඇතත් මෙම ප‍්‍රශ්නය සාර්ථකව විසදීමට අප අසමත්වී ඇති බව ඉතා පැහැදිළි කාරණාවකි. නව ව්‍යවස්ථා, අප‍්‍රමාණ කොමිටි සහ නිමක් නොමැතිව වාද විවාද කොපමණ සිදු කළත් බහුතරවාදය අපගේ දේශපාලනය හා නීතිය තවමත් අරක්ගෙන සිටී. මෙම අවධානම තවදුරටත් වැඩි විමට ඉඩදිය නොහැක. ශ‍්‍රී ලංකාව සාමකාමී සහ සමෘද්ධිමත් රටක් බවට පත්කිරීමට ඇති බාධකයේ කේන්ද්‍රස්ථානය වී ඇත්තේ මෙම ජාතික ප‍්‍රශ්නය විසඳීමට අපට නොහැකිවී තිබීමයි. සියලූ ශ‍්‍රී ලාංකිකයින් සඳහා වූ සාධාරණ හා සමානාත්මක ශ‍්‍රී ලංකාවක් අප විසින් ගොඩ නගනතුරු මේ රට පෙරසේම අර්බුදවලින් පිරී තවදුරටත් ඒවායේම ඇලීගැලී තිබෙනු ඇත.

අපි හැමෝම විසඳුම දන්නවා !

 ප‍්‍රශ්නයට විසඳුම මෙම ගරු සභාව දනී. මෙම ප‍්‍රශ්නයට විසඳුම මෙම සභාව හැමවිටම දැන සිටියේ ය. නමුත් සාම්ප‍්‍රදායිකව බොහෝ අවස්ථාවල මෙම සභාවේ සාමාජිකයිනට මෙම කාරණාව ඒත්තුගෙන එය ආමන්ත‍්‍රණය කිරීමට තරම් වීර්යයක් නොතිබිණ. ගරු මහින්ද රාජපක්ෂ ඇතුළු නිදහසින් පසු පත්වූ සෑම නායකයෙක්ම මෙම ප‍්‍රශ්නයට සැබෑ විසඳුම දනී.

 එහෙත් සුළුතරයක් වූ කුඩා මුඛරි ප්‍රතිගාමී බලවේග හමුවේ එය හැකිළී ගියේය. මුස්ලිම්වරු බෞද්ධයන්ට බිය නොවන, සිංහලූ ද්‍රවිඩයිනට බිය නොවන සහ කිතුනුවනට සාමයෙන් යාඥා කිරීමට ඉඩඇති සැබෑ එක්සත් ශ‍්‍රී ලංකාවක් නිර්මාණයවීම මෙම සභාවේ යම් පිරිසකට සදාචාරාත්මක අනතුරක් බව මම කනගාටුවෙන් වුවත් ප‍්‍රකාශ කරමි. ශ‍්‍රී ලංකාවේ අනාගතය සමෘද්ධිමත් එක්සත් හා නොබෙදුන රටක් ලෙස රඳ පවතින්නේ ශ‍්‍රී ලංකාවේ බහුවිධ සංස්කෘතික, බහු වාර්ගික, විවිධ භාෂා අනන්‍යතාවන් වැළඳගත් සහ ඒවා ප‍්‍රශංසා කරන සමානතා පුරවැසිභාවය සාධාරණත්වය හා බලය බෙදීම යන ප‍්‍රතිපත්ති මත පිහිටුවන ව්‍යවස්ථාවක් මත පදනම්වය.

 සියලූම ශ‍්‍රී ලාංකික ප‍්‍රජාවන්ට තමාගේ යැයි සමානව අයිතිවාසිකම් කිවහැකි ශ‍්‍රී ලාංකික අනන්‍යතාවක් හා ව්‍යවස්ථාවක් බිහි කිරීමේ වැදගත්කම කවුරුන්ද?

ඇත්තෙන්ම මම පෙරකී පරිදි ගරු විපක්ෂ නායකතුමා ඇතුළුව අපේ සියලූම ජාතික නායකයින් සමාන අයිතිවාසිකම් සාක්ෂාත් කරලීම පිළිබඳව සහ රටේ ස්ථාවරත්වය, ආරක්ෂාව හා සමෘද්ධිය උදෙසා ස්වයං පාලන වැඩ පිළිවෙලවල්හි අත්‍යවශ්‍යභාවය පිළිබඳ සලකා බලා ඇත.

ඩී. එස්. ගේ කතාව !

ශ‍්‍රී ලංකාවේ පළමු අගමැති වරයා වූ සහ එක්සත් ජාතික පක්ෂයේ නිර්මාතෘ ඞී. එස්. සේනානායක ‘විවිධත්වය සහ එක්සත්කම’ දැඩිව විශ්වාස කළේ ය. 1948 පෙබරවාරි මාසයේ දී ජාතික කොඩිය එළිදැක්වීමෙන් පසු ඔහු දැඩිලෙස ප‍්‍රකාශකර සිටියේ:

‘තම තමාට අයත්වූ ඉතිහාසයක් හා සංස්කෘතියක් හිමි විවිධ වර්ගයා අප ජාතියට ඇතුළත් වේ. අප අතර යහපත්ම ජාතිය සඳහා මේ සියල්ල මිශ‍්‍රණය කිරීම අපවෙත පැවරී ඇත... මේ සියලූ ජාතීන් එකට එක්කාසු කිරීමට වඩා වැඩි වෙනත් ශ්‍රේෂඨ අභිලාෂයක් මගේ ජීවිතේ නැත’ යනුවෙන් ඔහු ප‍්‍රකාශ කර සිටියේ ය.

‘සිංහලූ සහ ද්‍රවිඩයෝ සියවස් ගණනාවක් තිස්සේ සාමයෙන් සහ මිත‍්‍රත්වයෙන් ජීවත්වී ඇත. ඔවුන්ගේ රජවරු විසින් අපව පාලනය කර ඇති සේම අපගේ රජවරු විසින් ඔවුන් පාලනය කර ඇත’, ඔහු තවදුරටත් ප‍්‍රකාශකර සිටියේ ය.

ආර්.ප්‍රේමදාසගේ කතාව !

ඞී. එස්. සේනානායක ගේ ප‍්‍රතිපත්ති හැම විටම එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිපත්ති වේ. එක්සත් ජාතික පක්ෂයේ අවසාන ජනාධිපති වරයා වූ අභාවප‍්‍රාප්ත රණසිංහ පේ‍්‍රමදාස මෙසේ ප‍්‍රකාශකර ඇත.

‘ශ‍්‍රී ලංකාව සඳහා හැම විටම මගේ දැක්ම වූයේ බහුවාර්ගික ප‍්‍රජාතන්තවාදය යන්නයි. ඉන් පිටත වෙනත් ක‍්‍රමයක් නොමැත . මා දේශපානයට පිවිසූ දා සිට මගේ දැක්ම එයයි. කොළඹ මගේ ජන්ද කොට්ඨාශය බහු වාර්ගික යි. බහු වාර්ගික දේශපානයේ නියුක්ත නොවීනම් මෙතරම් දිගු කළක් මගේ ඡුන්ද කොට්ඨාශය නියෝජනය කිරීමට මට හැකියාව ලැබෙනන්නේ නැත. තවදුරටත් කියනවා නම් වර්තමාන ජනාධිපති වශයෙන් මගේ ඡුන්ද කොට්ඨාශය සම්පූර්ණ රටකි. ශ‍්‍රී ලංකාවේ සිටින සියලූ ප‍්‍රජාවන්ගේ හා කණ්ඩායම්වල ජනාධිපතිවරයා මම යි’ සහ 1990 මාර්තු මස 2 වැනි දින ‘ආයුධවලට සාමය උදාකළ නොහැක’ යන තේමාව ඔස්සේ ඔහු මෙසේ පැවසීය.

‘ ඕනෑම පුද්ගලයෙකු කුමන ජාතියකට ආගමකට හෝ කුලයකට අයත් වුවත් ඒ සෑම පුද්ගලයෙකුට ම මේ රටට අයතිවාසිකම් කීමට උපතින්ම අයිතියක් ඇති බව අප අවබෝධකරගත යුතුයි. ජනවාර්ගික ආගමික කුල හෝ වෙනත් වෙනස්කම් පදනම්ව ඔවුන්ගේ අයිතීන් ප‍්‍රතික්ෂේප කරයිනම් එහිදී මේ රට බෙදීමේ තර්ජනයකට මුහුණ පානු ඇත. එවිට මේ රටේ ස්වෛරීභාවයට තර්ජනයක් පැන නගී සහ අපේ රටේ අභ්‍යන්තර කටයුතුවලට අතපෙවීමට විදේශ බලවේගයන් ට අවස්ථාව උදාවේ’.

මේ කාරණාව සම්බන්ධ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරයට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජික මංගල මුණසිංහ පත් කිරීමට තරම් විචක්ෂණභාවයක් එදා රණසිංහ පේ‍්‍රමදාස මහතා සතු විය.

ප්‍රේමදාස පත්කල කොමිටිය ෆෙඩරල් ක්‍රමය නිර්දේශ කළා !

එම කොමිටියේ වාර්තාව ඉංදීය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුගමනය කරමින් බලය බෙදීමේ ක‍්‍රම වේදයක් නැත්නම් ෆෙඩරල් ක‍්‍රමයක් නිර්දේශ කරන ලද බව සඳහන් කිරීම ඉතා වැදගත් කාරණයකි. අගමැති රනිල් වික‍්‍රමසිංහ ද මෙකී එක්සත් ජාතික පක්ෂ උරුමයේ භාරකාරයෙකු වන අතර ජාතික ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් සෙවීම වෙනුවෙන් පෙනී සිටී. මේ ආකාරයෙන් ම අනෙක් ප‍්‍රධාන දේශපාලන පක්ෂය වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ ද මෙම අදහස දරති. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක නායකයා වූ එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක 1958 අගෝස්තු මස 5 වැනි දින පාර්ලිමේන්තුෙවි දී මෙසේ පැවසීය.

‘මේ රටේ අන්තවාදය සිංහල හෝ දමිල වේවා එය ඉතා සුළුතරයක් අතර පවතින ක‍්‍රියාකාරකමක් වනමුත් බහුතර ජනතාව සාධාරණ හා මධ්‍යස්ථ මතධාරීන් වීම පිළිබඳමම තෘප්තියට පත්වෙමි. එකී බහුතරය අන්‍යෝන්‍ය ගෞරවයෙන් හා ආත්ම ගෞරවයෙන් යුතුව එක්ව ජීවත්වීමට කැමත්තෙන් සිටී. එබැවින් අපට එකට එක්ව ඉදිරියට ගමන්කොට එකී සමෟද්ධිය උදාකර ගැනීමට සහ අපගේ නිසි ස්ථානයන් ලබා ගැනීමට අපට මේ තිබෙන නිදහස තුළ හැකියාව ඇත . සිංහලූන් සඳහා නිදහස මෙන්ම මතක තබා ගන්න එය ද්‍රවිඩයන් සඳහා ද නිදහස බව. මුස්ල්ම්වරු සඳහා ද නිදහස බව. මැලේ සහ බර්ගර් අපේ සියලූ මිත‍්‍ර ජාතීන් සඳහා ද නිදහස බව. ඔව්, නිදහස ඒ ආකාරයට සියල්ල සඳහා නොවේනම් මම තවත් නායකයෙකුගේ වචන යළි සිහිපත් කරන්නම්... ශ‍්‍රී ජවහර්ලාර් නේරු පැවසුවේ නිදහස යන්නේ තේරුම අභ්‍යන්තර වාර්ගික කලහයක් හෝ අසාධාරණය හෝ සුළු ජාතීන් මර්ධනය කිරීම නම් ‘‘ස්වරාජ් ක‍්‍රමය නරකාදියට පලයං’ යන්නයි.

මධ්‍යගත ආණ්ඩු ක්‍රමය යටත් විජිත උරුමයක් !

මෙය ඔහු කාලයක් තිස්සේ දැරූ මතය යි. ඔහුගේ අදහසේ පදනම වූයේ මධ්‍යගත ආණ්ඩුක‍්‍රමය යටත් විජිතවාදීන් විසින් බලහත්කාරයෙන් අපට පැටවූ එකක් ලෙසයි. 1926 ජූලි 17 වැනි දින යාපනයේ දී ‘අපගේ දේශපාලන ප‍්‍රශ්නයට එකම විස`දුම ෆෙඩරල් ක‍්‍රමය’ යන තේමාව ඔස්සේ කථාවක් පවත්වමින් ඔහු ප‍්‍රකාශ කළේ යටත් විජිත සමයට පෙර ශ‍්‍රී ලංකාවේ විමධ්‍යගත ආණ්ඩු ක‍්‍රමයක් පැවති බව හා එය ලිහිල් ෆෙඩරල් ක‍්‍රමයකට සමාන බවයි. බි‍්‍රතාන්‍යයන් මධ්‍යගත ආකාරයේ ආණ්ඩු ක‍්‍රමයක් හඳුන්වාදුන් බව සඳහන් කළ ඔහු තර්කකර සිටියේ ලංකාව වැනි රටකට එය නුසුදුසු බවයි. ඔහු මේ ආකාරයට පැවසූ බවද වාර්තාවී තිබේ ‘ශ‍්‍රි ලංකාවේ සෑම පළාතකම පූර්ණ ස්වයං පාලනයක්’ තිබියයුතු බවයි. එම වර්ෂයේ මැයි හා ජූනි මාසවල ලංකාවට සුදුසු ෆෙඩරල් ක‍්‍රමය බව තර්ක කරමින් සිලෝන් මෝර්නින් ලීඩර් පුවත්පතට එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ලිපි හයක් ලීවේය. මම දැන් ඒවා කීපයක් උපුටා දක්වමි ‘විශාල වාර්ගික වෙනස්කම් සහිත රටවලට මධ්‍යගත ආකාරයේ ආණ්ඩුක‍්‍රම හඳුන්වා දුන් විට අර්බුද හටගනී’

නමුත් ඔහුගේ දියණිය කරුණු කාරණා නිවැරදි කිරීමට උත්සාහ කළේය. ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ට මේ සම්බන්ධව මැතිවරණ වේදිකාවල බලය පිළිබඳසත්‍ය කථා කරමින් ඒ වෙනුවෙන් පෙනී සිටීමට ධෛර්යක් තිබිණ.

චන්ද්‍රිකා සමයේ දකුණේ ඉල්ලීම !

ඇත්තෙන්ම මට මතකයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග 1993 දී බස්නාහිර පළාතේ මහ ඇමතිනිය ලෙස අකුරැස්සට පැමිණ 90% සිංහල බෞද්ධයන් සිටින දකුණු ප‍්‍රදේශයේ දී ශ‍්‍රී ලංකාවට ෆෙඩරල් ක‍්‍රමයක් අවශ්‍ය බව පැවසූ අකාරය. පසුව පැවැති මැතිවරණයේ දී එම ප‍්‍රකාශය කර තිබියදී වුව ද අපට අති විශාල ජයග‍්‍රණයක් ලබාගැනීමට හැකිවිය.

දේශපාලන පංතියේ අය පෞද්ගලික මට්ටමින් කථාබහ කරන අදහස් එඩිතරව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කිරීමට ඇයට ධෛර්ය තිබිණ: එනම් පවතින ජාතික ප‍්‍රශ්නයට විසඳුම ෆෙඩරල් ක‍්‍රමය බවයි.

මට මතකයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මංත‍්‍රීවරයෙකු වශයෙන් 1995 දී ප‍්‍රාන්ත රාජ්‍ය යෝජනාවට සහයෝගය දැක්වූ ආකාරය. ඔහු එම අදහස් දීර්ඝ කාලයක් තිස්සේ දරා සිටියේ ය. ඇත්තෙන්ම එතුමා මා එලවා දැමීමට බොහෝ කාලයකට පෙර මමත් සහභාගී වූ 2006 ජූලි මස 11 වැනි දින පැවති සමාරම්භක සර්ව පාක්ෂික නියෝජිත කොමිටියේ දී මේ රටේ නායකයෙකු කරන ලද හොඳම කථාව එතුමා කළ ආකාරය මට හොඳින් මතකයි. වාර්ගික ගැටුමට ඔහුගේ යෝජිත විසඳුමේ හරය ඔහු මේ ලෙස සම්පිණ්ඩනය කර දැක්වීය. මම දැං ගරු මහින්ද රාපක්ෂ ගේ කථාව උපුටා දක්වමි.

මහින්දගේ ඉතිහාස කතාව !

‘ඒ ඒ ප‍්‍රදේශවල ජීවත්වන ජනතාවගේ ඉරණම සහ දේශපාලන ආර්ථික පරිසරය පාලනය කරගැනීමේ භාරකාරත්වය එකී ජනතාව අතට පත්කර දිය යුතුය. සම්පත් “විශමානුපාතිකව බෙදීයාම මධ්‍යම රජය මඟින් සම්පත් බෙදාදීමේ තීරණ ගැනීමේ දී සිදුවූ විවාදාත්මක කරුණක් විය. ඊට අමතරව අවිවාදික කරුණක් වූයේ බලය බෙදා හැරීමේ දී වුවද එය අනන්‍යතාව ආරක්ෂාව සහ සමාජ ආර්ථික ප‍්‍රගතීන් මධ්‍ය රජය මත පමණට වඩා විශ්වාසය තබා කයුතු කිරීම ආදීය යි. ඒ පිළිබඳව ද ආමන්ත‍්‍රණය කිරීම අවශ්‍ය බවයි. ප‍්‍රාදේශීය සුළු ජන කොටස් ප‍්‍රශ්නය කෙරේද අවධානය යොමු කිරීම මෙහිදී වැදගත් කරුණක් වේ.”

“තවද ඕනෑම විසඳුමක් හදිසි කාරණාවක් සේ සලකා තම තමන්ගේ ඉරණම් තීරණය කරන භාරකාරයන් බවට පත්වීමට එකී ජනතාවට ඉඩ ලබාදිය යුතුය. මෙය ලෝකයේ බොහෝ රටවල සාර්ථකව අත්හදා බලා ඇත. අපගේ අසල්වාසී ඉංදියාව ඇතුළු මේ පිළිබඳඋදාහරණ බොහොමයක් ලොව වටා නන් දෙසින් ලබාගෙන ඒවා අධ්‍යයනය කර සැබෑ ශ‍්‍රී ලාංකීය ව්‍යවස්ථා රාමුවක් සකසාගත හැක.”

එම කථාව අවසන් කරමින් ඔහු දැඩි ස්ථාවරව සඳහන් කළේ ‘ගන්නා ඕනෑම විසඳුමක් හැකි උපරිම බලය බෙදීම උදෙසා උපකාර වන එකක් බව පෙනිය යුතුය’ යන්නයි.

මෙය ප‍්‍රකාශ කළේ ගරු මහින්ද රාජපක්ෂ විසිනි. ඔබට ස්තුතියි. නමුත් විවිධ පුද්ගලයන්ගේ බලපෑම් උඩ ඔබගේ අදහස් වෙනස්කර ගැනීමට ඔබට සිදුවීම ගැන මම කනගාටුවට පත්වෙමි.

සිරිසේනගේ කියපු කතාව !

2016 ජනවාරි 9 වැනි දින ශ‍්‍රීලනිප ඊළග නායකයාවූ ජනාධිපති සිරිසේන මේ සම්බන්ධව තම අදහස ඉතා පැහැදිලිව ගරු සභාවට පැහැදිළි කළේය. ‘සිංහල දෙමළ මුස්ලිම් බෞද්ධ කතෝලික හිංදු මැලේ සහ බර්ගර් යන ජන කොටස් අතර මිත‍්‍රත්වය ගොඩනැගීමට ගත් උත්සාහය අසාර්ථක විය. සෝල්බරි ව්‍යවස්ථාවේ අඩංගු ප‍්‍රතිපාදන නිසා ව්‍යවස්ථා ප‍්‍රතිපාදනවල ඇතිවූ අඩුලූහුඩුකම් හා හිඩැස් හේතුකොටගෙන ප‍්‍රජාවන් බෙදී වෙන්වීම දිගින් දිගටම වැඩිවිය. මෙහි ප‍්‍රතිවිපාකයක් ලෙස ‘ප‍්‍රභාකරන්’ නමැති ත‍්‍රස්තවාදියා බිහිවිය. මිනිස්සු මොනදේ කීවත් මම විශ්වාස කරන්නේ බණ්ඩාරණායක චෙල්වනායගම් ගිවිසුම යථාර්ථයක් වූවේ නම් ත‍්‍රස්තවාදයක් සියැසින් දැකීමට අපට සිදුනොවන්නට ඉඩ තිබුණු බවයි’

වමේ නායකයින් ද මේ අදහසම දරනවා ඇත.

1956 කාලයේ සිංහල පමක් කෙටුම්පත විවාදයේ දී ලංකා සම සමාජ පක්ෂයේ බලවතෙකු වූ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා ගේ අනාගත වචන එකලට ගැලපුනත් අපි දැන් ක‍්‍රියාත්මක නොවුනහොත් මම බියට පත් වන්නේ ඒ සියල්ල කනගාටුදායක ලෙස දෙගුනවී ඔප්පුකර පෙන්විය හැකි බවයි.

‘එක් විශේෂිත වාර්ගික ජන කොටසකට ඔවුනට උරුම භාෂාව පාවිච්චි කිරීමට, තම සංස්කෘතිය පාරම්පරික ක‍්‍රියා සහ ඉතිහාසය වෙනුවෙන් උපකාර කිරීම ප‍්‍රතික්ෂෙප් කළහොත් ඔවුන්ගේ භාෂා අයිතිය ප‍්‍රතික්ෂේප කළහොත් එබදු ජනයා මේ වනවිට සිටින තත්වයෙන් වෙනත් මාවතකට ඔබ ඔවුන් ගමන් කරවීමේ අනතුරකට ඔබ මුහුණ දෙනු ඇත. අද දින ඔවුන් ලංකා ජාතියේ විශේෂිත වාර්ගික හා භාෂාවේ හේතුකාරණා මත සිංහලූන්ගෙන් විශේෂිත වූ ජන කොට්ඨාශයකි. එහෙත් ඔබ ඔවුනට අයුතු ලෙස සැලකිලි දැක්වුවහොත් පීඩාවට පත්කළහොත් ඔවුන්ගෙන් අයුතු ප‍්‍රයෝජන ගතහොත් වෙනස්කම් කර හිංසනයට ලක් කළහොත් එබ`දු ක‍්‍රියාදාමයක් තුළ මේ ලංකාව තුළ එකී විශේෂ ජන කොට්ඨාශය ඔවුන්ගේ විශේෂ භාෂාව සංස්කෘතිය සම`ග නව ජාතියක් ලෙස නැගී සිටීමට කටයුතු කරන අතර එහිදී අපට ඔවුන් දැන් ඉදිරිපත් කර ඇති දේට වඩා වැඩි අයිතිවාසිකම් ලබා දීමට සිදුවෙනු ඇත. කල්තබා නොමසුරුව එය ලබාදීම පසුවී පමණට වඩා ලබාදෙන්නට සිදුවනවාට වඩා යහපත් රාජ්‍ය ක‍්‍රියාදාමයකි. ‘‘සම තත්වය’ ඔහු තර්ක කරන්නේ අප ජාතියේ නිදහස හා එහි අඩංගු එක්සත්කම උදෙසා ඇති මාවත බවයි. එසේ නොවුවහොත් කුඩා රාජ්‍යයක් තුළ රුධිරය වෑහෙන දෙකට ඉරුන තවත් කුඩා රාජ්‍ය දෙකක් බිහිවන බවයි’.

යාපනයේ දී විජේවීර කියපු කතාව !

ජේවීපී ආරම්භක නායකයා වූ රෝහණ විජේවීර මෙම අදහස්වලට සහයෝගය දැක්වූ අතර ඔහු අනෙකුත් වමේ නායකයින් ට වඩා වැඩි දුරක් ගමන් කළේ ය. යූ ටියුබ් හි ඔබට නැරඹිය හැකි ඔහු 1982 වසරේ දී යාපනයේ කරන ලද කථාවක තර්ක කරන්නේ වාර්ගික ගැටුමට විසඳුම වූයේ ස්වයං නීර්ණය ට සු`ථ ජාතීන්ට ඇති අයිතිය පිළිගැනීම හා ගෞරව කිරිමයි.

‘සුළු ජාතීන් බහුලව වෙසෙන ප‍්‍රදේශවල ස්වයං පාලන ප‍්‍රදේශ ඇති කිරීමට අපි යෝජනා කරන්නෙමු. ඕනෑම ජන වාර්ගිකයකට හෝ සුළු ජතික ජන කොටසකට ස්වයං නීර්ණයට අයිතියක් ඇතැයි අපි ප‍්‍රකාශ කරන්නෙමු ’. ඔහු ප‍්‍රකාශ කළේය.

කොමිනිස්ට් පක්ෂයේ නායකයෙකු වූ අභාවප‍්‍රාප්ත ඉන්දික ගුණවර්ධන මීට අවුරුදු 19 පෙර මෙම සභාවේ නැගී සිට වර්ෂ 2000 පැවති ව්‍යවස්ථා විවාදයේ දී ප‍්‍රකාශ කළේ ‘මාක්ස්වාදී ව්‍යාපාරයේ මතය වන්නේ කිසිම පුරවැසියෙකුට ස්වයං තීරණ ගැනීමට ඇති අයිතිය ප‍්‍රතිෂේධනය නොකළ යුතු බවයි’. ස්වයං නීර්ණය සඳහා ජාතියකට ඇති අයිතිය වැඩකරන පංතිය විසින් පිළිගනු ලබයි... තමිල් ඊළම් නමින් වෙනම රාජ්‍යයක් ජාතික ප‍්‍රශ්නයට කිසි විටෙක විස`දමක් නොවේ. හොඳම ක‍්‍රමවේදය විවිධ වාර්ගික ජන කොටස්වලට ස්වයං තීරණ ගැනීමට අයිතිය ලබා දීමයි. එනම් එක්සත් ශ‍්‍රී ලංකාවක් සඳහා උතුරු නැගෙනහිර ස්වයංපාලන පරිපාලනයක් ඇතිකිරීමයි’.

සම්බන්ධන්ගේ මාතර ප්‍රකාශය !

අපි ඉතිහාසයේ දුර්ලභ අවස්ථාවකට පැමිණ ඇත්තෙමු. එනම් දෙමළ දේශපාලන නායකත්වය එක්සත්වූ සහ එය ගරු සම්පන්තන් වැනි පරිණත දේශපාලකයෙකුගේ නියෝජනයෙන් යුක්තවී තිබීම යි. එමෙන්ම ඔහුගේ දේශපාලන ඥානය හා එහි ප‍්‍රකෘති ස්වභාවය දෙමළ ප‍්‍රජාවට පමණක් නොව මුළු රටටම ප‍්‍රසාදිතය කි.

මේ තත්වය ඉදිරියේ දී මේ ලෙසම පවතී යැයි සිතිය නොහැක. එබැවින් මෙම අනගි අවස්ථාව අපගෙන් ගිලිහී යාමට අපි ඉඩ නොතැබිය යුතුය. සති කීපයකට පෙර ඔහු විසින් මාතර දී අප ඉදිරියේ තැබූ ප‍්‍රශ්නයට උත්තරයක් මෙන්ම එකී යෝජනාවට ප‍්‍රතිචාර දැක්වීම අප කළයුතුය.

ඇත්තෙන්ම එය අතිශය උත්කෘෂ්ඨ කථාවකි. දකුණේ සියලූම ජනතාව ඔහුගේ කථාව අවසානයේ නැගී සිට ඊට ප‍්‍රීතිඝෝෂා පැවැත්වූහ. එම සම්පූර්ණ කථාවට සවන්දීම වටින්නේයැයි මම සිතමි. කෙසේ වුවත් ඉන් ස්වල්ප කොටසක් මම මෙහි උපුටා දක්වමි.

‘ මෙම ගැටම් වලට විසඳුමක් සෙවීම සඳහා එක්සත් නොබෙදුන නොබෙදිය හැකි රාමුවක්තුළ සිට සහෘද ශ‍්‍රී ලාංකිකයන් සමඟ කටයුතු කරීමට මට අවශ්‍යයි. එය තමයි ලංකාවට ගැලපෙන හොඳම දේ. අපි එසේ නොකරනවා නම් ඇතිවිය හැකි ප‍්‍රතිවිපාක කුමක්විය හැකි ද?’

ඔහු එම ප‍්‍රශ්නය අසමින් තම කථාව අවසන් කළේය. අපි සියල්ලෝම කුමන පක්ෂයකට කුමන කණ්ඩායමකට ප‍්‍රජාවකට අයත් වුවත් කුමන ආගමක් ඇදහුවත් අපගෙන් අප ඇසිය යුතු ප‍්‍රශ්නය නම් අපි මෙම ප‍්‍රශ්නය විසඳුවේ නැත්නම් එහි ඵලවිපාක කුමක්විය හැකි ද යන්නයි. ශ‍්‍රී ලංකාව බහු වාර්ගික සර්ව ආගමික හා බහු සංස්කෘතික ජාතියක් බව අප පිළිගෙන සමඟි සමාදාන නොවුනහොත් ශ‍්‍රී ලංකාවට ඉදිරියට ගමන්කළ හැකිවේ ද?