එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා මගඩියක් ගැන : මුදල් අමාත්‍යාංශය හෙළිකරගෙන !

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා මගඩියක් ගැන : මුදල් අමාත්‍යාංශය හෙළිකරගෙන !

රජය විසින් ආරම්භ කර ඇති එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ ණය අනුමත කර ඇති බව සඳහන් කරමින් මුදල් අමාත්‍යාංශයෙන් යැයි ව්‍යාජ ලිපි ශීර්ෂයක් උපයෝගී කර ගනිමින් විවිධ පුද්ගලයන් හා ආයතන වෙත ලිපි යොමුකරන සංවිධානාත්මක කණ්ඩායම් කිහිපයක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සදහන් වෙයි.

මෙම කණ්ඩායම් විසින් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ පොලී සහන ණය ලබාගැනීමට අපේක්ෂිත පුද්ගලයන්හට තමන් ඉල්ලා සිටි ණය අනුමත කර ඇති බව පවසමින් ඒ වෙනුවෙන් මූලික අත්තිකාරමක් ලෙස අපේක්ෂිත ණය මුදලෙන් කිසියම් ප්‍රතිශතයක් මුදලින් ලබාදෙන ලෙස ඉල්ලා සිටින බව පැවසේ.

මුදල් අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ ණය නිකුත් කිරීමේ නිශ්කාශන අංශයේ අධ්‍යක්ෂ යැයි පෙනී සිටිමින් ජයම්පති කරුණාමුණි නම් පුද්ගලයෙක් ද චන්ද්‍රා ජයසිංහ යන නමින් ව්‍යාජ ලෙස පෙනී සිටින පුද්ගලයකු ඇතුළු කණ්ඩායමක් ද මෙසේ ලිපි යොමුකර ඇති බවට සාක්ෂි මෙම අමාත්‍යාංශය වෙත දැනටමත් ලැබී ඇත.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ මුදල් අමාත්‍යාංශය විසින් සිදුකරනු ලබනුයේ ණය ඉල්ලුම්පත් ලියාපදිංචි කිරීම පමණි. ඒ හැර ණය නිකුත් කිරීම හෝ ඒ සඳහා නිර්දේශ ලබාදීම මුදල් අමාත්‍යාංශය විසින් සිදු නොකෙරේ. ඒ සඳහා මුදල් අමාත්‍යාංශය විසින් මුදල් අයකිරීමක් සිදු නොකරන බව මහජනතාව වෙත මෙයින් අවධාරණය කර සිටින අතර, ණය ලබාදෙනුයේ රාජ්‍ය හා පෞද්ගලික බැංකු වෙතින් පමණි. එබැවින් අදාළ බැංකු පරිශ්‍රය තුළ සේවය කරන නිත්‍ය කාර්ය මණ්ඩලය සමඟ පමණක් ණය ලබාගැනීම පිළිබඳ ගනුදෙනු කරන මෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ. ඔබට ණය අනුමත කර ඇති බව ප්‍රකාශ කරමින් යම් කිසි මුදලක් ලබා දෙන ලෙස කිසියම් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් ඉදිරිපත් වුවහොත් ඒ සම්බන්ධයෙන් ළගම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන මෙන් මෙයින් දැනුම් දෙනු ලැබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න