ඇමති රිෂාඩ් - මන්නාරම අගරදගුරු අතර හමුවක් !

ඇමති රිෂාඩ් - මන්නාරම අගරදගුරු අතර හමුවක් !

මන්නාරම අගරදගුරු ෆෙටලිස් ලයනල් එම්මානුවෙල් ප්‍රනාන්දු පියතුමා හා කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම,සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුනතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අතර හමුවක් අද (01)මන්නාරමේ අගරදගුරු නිළ නිවසේදී පැවැත්විණි.

එහිදී පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් කතෝලික ජනතාවට සිදුවූ විපත පිළිබඳව සිය කණගාටුව පළකිරීමට අමාත්‍යවරයා කටයුතු ක‍ළේය.ත්‍රස්තවාදය කිසිවිටෙක අනුමත නොකරන බවත්,ත්‍රස්තවාදය විනාශ කිරීමට රජය ගන්නා ඕනෑම පියවරකට සහාය පලකරන බවද පැවසූ අමාත්‍යවරයා මන්නාරමේ ඉදිරි සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳවද මන්නාරම අගරදගුරුතුමන් සමග සුහද සාකච්ඡාවක නිරත විය.

මෙම අවස්ථාවට ගරු අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් රිෆ්ඛාන් බදියුදීන් ,මාන්තෙයි බටහිර ප්‍රාදේශීය සභාවේ සභාපති සන්තියෝග් සහ මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.මුජාහිර් ද එම අවස්ථාවට සහභාගී වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න