ඩිලාන්ගේ පියා ඉල්ලා අස්වෙයි : හේතුව පිල් මාරුව !

ඩිලාන්ගේ පියා ඉල්ලා අස්වෙයි : හේතුව පිල් මාරුව !

ඌව පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමා ඉකුත් 31දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතටම භාරදුන් බව ඌව පළාත් හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මාෂල් පෙරේරා අද (02) සිය නිවසේදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය .

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේ පවසා තිබිණ.

“ඩිලාන් පෙරේරා හිටපු ආණ්ඩුකාරවරයා මේ මාසේ 11දා වනවිට පොහොට්ටුවේ දේශාපාලනය කරනවා කියල ප්‍රකාශ කළා. ඔහු යම් කිසි පක්ෂයකට හෝ කණ්ඩායමකට ලැදිව වැඩ කරනකොට මට වෙනත් පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ මෛත්‍රීපාල සිරිසේනගේ කණ්ඩායමයට වැඩකරන්න හැකියාවක් නෑ. ඒක සදාචාත්මක නෑ "

ඩිලාන් පොහොට්ටුවට !

ඒ අනූව පෙනීයන්නේ ඩිලාන් පෙරේරා නම් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයා මේ වන විට පොහොට්ටු පාර්ශවයේ සාමාජිකත්වය ලැබීම ස්ථිර බවය.

දැනට වාර්තා වන ආකාරයට ඔහු එළැඹෙන අගෝස්තු 11 වනදා පොහොට්ටු පාර්ශවයේ වේදිකාවට ගොඩවනු ඇත. එසේම මේ වන විට ජනාධිපති සිරිසේන සදහා කිසිසේත් ජනාධිපති අපේක්ෂකත්වය ලබානොදීමට තීන්දුවක් පොහොට්ටු පාර්ශවය ගෙන ඇත. එසේම තවත් ශ්‍රිලනිප ජේෂ්ඨයින් පිරිසක් එක්සත් ජාතික පක්ෂය ගොඩනගන සන්ධානය සමඟ එක්වීමේ සූදානමක් ගැනද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න